නවතම පුවත්

උතුරේ සෞඛ්‍ය පත්වීම් දීම ආණ්ඩුකාරවරයා කල්දමයි

අසංක

අසංක

සෞඛ්‍ය සේවා සහායකයින් 454 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දීම වෙනුවෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවය හදිසියේම කල් දමා තිබේ.

ඒ පත්වීම් පිළිබඳ ලද පැමිණිලි කීපයක් හේතුවෙන් උත්සවය කල්දමන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා දුන් උපදෙස්වලට අනුවයි.

අද පෙරවරුවේ මෙම උත්සවය චාවකච්චේරි UC ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

පත්වීම් සදහා  නම් ඇතුළත්ව  නොමැති දිස්ත්‍රික් නියෝජිතයන්  ආණ්ඩුකාරවරයා  විසින්  අද පෙරවරුවේ ලැයිස්තුගත කළේය.

ඔවුන්ගේ ඉල්ලීම පරිදි සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ සියලුම අපේක්ෂකයින්ගේ ලැයිස්තුව ඉදිරිපත් කරන ලදී.

අමාත්‍යංශයේ නියමිත පටිපාටියට එරෙහිව පත්වීම් ලබා දී ඇත්නම් පැය 24 ක් තුළ ඒ පිළිබදව තොරතුරු ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුකාරවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

එක් එක් අයදුම්කරු ලබා ගත් ලකුණු පිළිබඳ විස්තර ලබා ගත හැකි ඉහත ලැයිස්තුව උතුරු පළාත් සභා වෙබ් අඩවියෙන් https://np.gov.lk/marks-details-of-health-volunteers-and-external-candidates-who-faced-interview-2/   ලබා ගත හැකි බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය දන්වා සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්