නවතම පුවත්

උතුර දකුණ යා කරන සම්මාන උළෙලක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව වැඩිදියුණු කිරීමේ අරමුණින්  සංවිධානය කෙරෙන ජාත්‍යන්තර  මානව හිතවාදී විශිෂ්ඨතා මාධ්‍ය සම්මාන උළෙල එළඹෙන 28 වන ඉරුදින කොළඹ මැකලම් මාවතේ පිහිටි  තැපැල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ .

ජාත්‍යන්තර මානව හිමිකම් මාධ්‍ය සංවිධානය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ විශේෂත්වය වන්නේ , ශ්‍රී ලංකාව තුල වෙසෙන සිංහල , දෙමල මුස්ලිම් ඇතුළු සෑම ජාතියකටම අයත් කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහා සම්මාන පිරිනැමීමයි .  විශේෂයෙන්ම ජාතික සමගිය හා මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කල මාධ්‍යවේදීන් හා කලාකරුවන් මෙහිදී  ඇගයීමට පාත්‍ර කෙරේ .

මෙම සුවිශේෂී සම්මාන උළෙල පිළිබඳව අප කල විමසීමකදී අදහස් දැක්වූ මානව හිමිකම් මාධ්‍ය සංවිධානයේ මහ ලේකම් , රංගන ශිල්පිනී  ප්‍රීති විජේසිංහ  මෙනෙවිය සඳහන් කලේ ,  මෙරට ජාතීන් එකිනෙක යා කරන  පාලමක් ලෙස කලාව , භාවිතා කල හැකි බවයි .

“අපගේ සම්මාන උළෙල මූලිකම ඉලක්කය එයයි , කලාව හරහා මෙරට ජාතීන් අතර සමගය , සහයෝගය , එකමුතුකම වර්ධනය කරලීමයි ,”  යනුවෙන්ද විජේසිංහ මෙනෙවිය සඳහන් කලාය .

මේ පිළිබඳව වැඩිදුරටත් අප වෙත අදහස් දක්වමින් ඇය මෙසේද පැවසීය ,

ප්‍රීති විජේසිංහ

” ශ්‍රී ලංකාව තුල  සිටින ද්‍රවිඩ කලාකරුව , මාධ්‍යවේදීන් ගැන සිංහල සමාජය දන්නේ නැහැ . ඒ ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ . ඒවගේම තමයි සිංහල කලාකරුවන් පිළිබඳව ද්‍රවිඩ හෝ මුස්ලිම් සමාජය තුලත් වැඩි  දැනීමක් නැහැ . මෙය ගැටළුවක් ,  උදාහරණයක් විදියට අද රටේ ද්‍රවිධ ජාතික රංගන ශිල්පිනියකට හෝ ශිල්පියෙකුට ජනප්‍රියවීමට නම් සිංහල චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක රඟපෑ යුතුයි . නමුත් ද්‍රවිඩ භාෂාවෙන් කෙරෙන කළා නිර්මාණ රැසක් රට තුල තිබෙනවා , ඒවායේ දක්ෂ නළු නිලියන් රඟපානවා , නමුත් ඔවුන් ගැන අප දන්නේ නැහැ ,  මෙම ගැටලුව අවබෝධ කරගෙන තමයි අප මෙම වැඩසටහන පටන් ගත්තේ . මෙහිදී මෙරට සිටින සිංහල කලාකරුවන් වගේම ඩ ද්‍රවිඩ කලානිර්මාණ වල දස්කම් පාන ද්‍රවිඩ කලාකරුවන්ට මුස්ලිම් කලාකරුවන්ටත් සම්මාන ලබාදෙනවා .

මේ වැඩසටහන සම්මාමාන උළෙලකට පමණක් සීමා කිරීමට තම සංවිධානය පියර ගෙන නොමැති බවද විජේසිංහ මෙනෙවිය පැවසීය .

තම සංවිධානයේ සෙසු වැඩසටහන් ගැනද ඇය එසේ විස්තර කළාය.

මානව  හිමිකම් මාධ්‍ය සංවිධානය , එක්සත් විස්කම් කළා ආයතනය සමග එක්වෙලා ජාතෙන් අතර මිත්‍රත්වය ගොඩනැගීමට තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා . අපි  වාර්ෂිකව “ඔලි ඔලී ” නමින් ප්‍රසංගයක් පවත්වනවා . එයට දෙමල , සිංහල , මුස්ලිම් සියලුම කලාකරුවන් සහභාගිවෙනවා .  , සිංහල කලාකරුවන් මෙහිදී  බොහෝ විට ද්‍රවිඩ කලා අංග ඉදිරිපත් කරනවා , ඒවගේම ද්‍රවිඩ කලාකරුවන් සිංහල කළා අංග ඉදිරිපත් කරනවා , උදාහරණයක් විදියට මෙම උළෙලේදී පසුගියවර මමත් දායකත්වය ලබාදුන්නේ  ද්‍රවිඩ චිත්‍රපට ගීත කිහිපයක් සඳහායි .

මෙම සුවිශේෂී සම්මාන උළෙල , ආචාර්ය මොහොමඩ් ශිරාන් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මකවේ . එසේම මෙම වැඩසටහන සඳහා මෙරට විවිධ ජාතීන්ට යත ප්‍රධාන පෙලේ කලාකරුවන් රැසකගේ දායකත්වය හිමිවේ . මෙහිදී මෙරට ද්‍රවිඩ සමාජය තුල ජනප්‍රිය කලාකරුවෙකු වන කබාලි රාජා ගෙන් ලැබෙන දායකත්වයද ඉතා වැදගත් බව ප්‍රීති විජේසිංහ අප වෙත පැවසීය .

“ඔලි ඔලි ප්‍රසංගය සංවිධානයට ඔහු උල්වී කටයුතු කරනවා , එසේම මේ වනවිට  ඔහු රඟපෑ  dvd  චිත්‍රපට තමිල්නාඩුව තුල අතිශය ජනප්‍රියයි . එම ඩී වී ඩී චිත්‍රපට සඳහා ඔහු සිංහල කළා කරුවන්ද සම්භන්ධ කරගන්නවා .”යයිද ප්‍රීති විජේසිංහ මෙහිදී පැවසීය .

ප්‍රීති විජේසිංහ රංගන ශිල්පිනියද මේ වනවිට එවැනි ද්‍රවිඩ භාෂාවෙන් මෙරට  නිෂ්පාදනය වන චිත්‍රපට  රැසක ප්‍රධාන චරිතයට පනපොවා ඇති අතර එම චිත්‍රපට මේ වනවිට තමිල්නාඩුව පුරා අතිශය ජනප්‍රියවී ඇත . ඩී වී ඩී තැටි  ආකාරයෙන් තමිල්නාඩුවේ වීඩියෝ හල් වල මෙම චිත්‍රපට අලෙවි කෙරෙන අතර , මේ නිසාම ප්‍රීති විජේසිංහ රංගන ශිල්පිණියද මේ වනවිට තමිල්නාඩුවේ ජනප්‍රිය නිලියක් බවට පත්ව ඇත .May be a closeup of 1 person, standing and outdoors

 

මේ ගැනද  කෙටියෙන්  අදහස දැක්වූ ඇය මෙසේ පැවසීය ,

ඔව් , කබාලී රාජා සමග මම ද්‍රවිඩ චිත්‍රපට කිහිපයකම රඟපෑවා . ඒවා හිතුවෙවත් නැති විදියට මේ වෙනකොට දකුණු ඉන්දියාවේ ජනප්‍රිය වෙලා , එහේ හුඟ දෙනෙක් මාව දන්නේ ප්‍රීති සිං කියල , ඇත්තටම අපේ රටේ ද්‍රවිඩ කලානිර්මාන ඉන්දියාවේ ජනප්‍රිය කරවන්න පුළුවන් , ඒක මෙරටේ සිනමා කර්මාන්තය  ගොඩගන්නත් මාර්ගයක් වේවි ,

අපේ රටේ ද්‍රවිඩ කලාකරුවන්ට  බලධාරීන්ගේ සහය මීට වඩා ලැබෙනවානම් තමිල්නාඩුවේ නිපදවෙන මට්ටමේම උසස් හා සාර්ථක නිර්මාණ කිරීමේ හැකියාව ඔවුන් සතුයි .

මෙවර සම්මාන උළෙලේ සම්මානයට පාත්‍රවන පිරිස පිළිබඳවද මෙහිදී ඇය මෙසේ පැවසීය ,

මෙරට කළා කෙත  අස්වද්දනට නිහඩ සේවයක් කල කලාකරුවන් රාශියකට අප මෙවරත් සම්මාන ලබාදෙනවා . සාමාජ ආගමික හා සංස්කෘතික වශයෙන් අප එහිදී ඔවුන් ඇගයීමට ලක්කරනවා .

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්