නවතම පුවත්

උද්ධමනය අඩුවේවි – පොලී අනුපාත එහෙමමයි

අසංක

අසංක

දැනට ක්‍රියාත්මක ප්‍රතිපත්ති පොළී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගෙන යනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ(05) පැවති රැස්වීමේදී මෙම තීරණවවලට එළැඹ තිබුණි.

මෙම තීරණයට එළඹීමේදී, මුදල් මණ්ඩලය විසින් නවතම සාර්ව ආර්ථික තත්ත්වයන්, අපේක්ෂිත වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථන සලකා බලන ලදී.

මුදල් මණ්ඩලය විසින් දැනට පවතින දැඩි මුදල් තත්ත්වය, උද්ධමනය ඉහළ යෑමේ වේගය අඩු වීම සහ දේශීය හා ගෝලීය සාධකවල හේතුවෙන් ඉදිරියේදී උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලිය පිළිබදවද මෙහිදී සලකා බලා ඇත.

ඉදිරි කාලය තුළ අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීම සඳහා මුදල් තත්ත්වය ප්‍රමාණවත් තරම් දැඩිව පවතින බව මුදල් මණ්ඩලයේ අදහස විය.

දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම් සඳහා දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහාය වනු ඇති අතර සමස්ත ඉල්ලුම් පීඩන ගොඩනැගීම අවම කිරීමටත් එමගින් උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට සහ මැදි කාලීනව මතුපිට උද්ධමනය ඉලක්කගත සියයට 4-6 මට්ටම දක්වා පහළ දැමීමට එම ක්‍රියාමාර්ග උපකාරී වනු ඇති බව මහබැංකුව කියයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්