මෙරට තුළ උද්ධමනය ගෙවුණු නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී පහළ ගොස් තිබේ.
ජනලේඛන හා සංඛයාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති 2022 දෙසැම්බරයේ මෙරට ආර්ථිකය පිළිබඳ දත්තවලට අනුව මේ බව අනාවරණය වේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත පදනම් වූ මතුපිට උද්ධමනය නොවැම්බර් මාසයේ 65.0% ට සාපේක්ෂව 2022 දෙසැම්බර් මාසයේදී 59.2% දක්වා අඩු වී ඇත.
ආහාර උද්ධමනය ද නොවැම්බර් මාසයේ 69.8% ට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී 59.3% දක්වා අඩු වී තිබේ.




