නවතම පුවත්

ශ්‍රී ලංකා පාපන්දුවට FIFA පැනවූ තහනම

අසංක

අසංක

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත තහනමක් පනවා තිබේ.

යළි දැනුම්දෙනතෙක් ඊයේ(21) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම ක්‍රියාත්මක වේ.

FIFA මහලේකම් ෆට්මා සමෝරා විසින් සිය සාමාජික සංගම් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, 2023 ජනවාරි 21 වන දින FIFA කවුන්සිලයේ කාර්යාංශය විසින් ගනු ලැබූ තීරණයේ ප්‍රතිඵලයක් ලෙස, FIFA ප්‍රඥප්තියේ 16 වැනි වගන්තියට අනුව නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) අත්හිටුවා තිබේ.

මෙම දැනුම්දීමට අනුව FIFA ප්‍රඥප්තිවල 13 වැනි වගන්තියේ අර්ථ දැක්වීමට අනුව, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හට අදාළ කාලය තුළ සියලුම සාමාජික අයිතිවාසිකම් නැවත දැනුම් දෙන තුරු අහිමි වේ.

එබැවින් මෙම අත්හිටුවීම ඉවත් කරන තුරු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නියෝජිතයින්ට සහ පාපන්දු සමාජවලට තවදුරටත් ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වීමට අයිතියක් නැත.

මීළඟ FIFA සම්මේලනය පැවැත්වීමට පෙර ඕනෑම අවස්ථාවක FIFA කවුන්සිලයේ කාර්යාංශය හෝ FIFA කවුන්සිලය මෙම අත්හිටුවීම ඉවත් කළ හැකි බව ද එහි සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්