නවතම පුවත්

උසස්පෙළ විභාගයට යන කොළඹ සිසුන්ට හෙට ෆයිසර්

Roshan

Roshan

* සරසවි සිසුන්ටත් ෆයිසර් බූස්ටර් ෂොට්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට හෙට (15) දිනයේ දී ෆයිසර් එන්නත ලබාදීමට නියමිතය.

වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම එළඹෙන 21 වනදා පාසල්වලදී සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

එහි නියමු ව්‍යාපෘතිය ලෙස මෙම වැඩසටහන එළඹෙන 15 වන සිකුරාදා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය.

ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශ, අතිරේක ලේකම්, එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසා සිටියේ, සියලුම සිසුදරු දැරියන් හැඳුනුම්පත සමග එන්නතකරණ වැඩසටහනට සහභාගී විය යුතු බවය.

“අපොස උසස් පෙළ විභාගයට එක සැරයක් පෙනී සිටි දරුවන්ටත් ප්‍රථම වතාවට දැන් පෙනී ඉන්න දරුවන්ටත් තමයි මේ එන්නත අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ. ලබන සුමානෙන් පටන් ගන්න ඉස්සෙල්ලා 15 වෙනිදා පටන් ගන්නවා. කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල. හෝමාගම, කොළඹ, ජයවර්ධනපුර හා පිළියන්දල කලාපයේ. හොඳට මතක තියා ගන්න ඔයාලගේ හැඳුනුම්පත අරන් එන්න. ඔබගේ විදුහල්පතිතුමාගෙන් විමසන්න පුළුවන් කොතනට ද එන්න ඕනේ කියලා. මොකද සමහර සෙන්ටර්ස් අපි පාසල් 3 – 4 කට එක සෙන්ටර් එකක් දාලා තියෙනවා. විශේෂයෙන් අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්න දරුවන් ට එන්න වෙන්නේ අර සෙන්ටර් එකට. සෞඛ්‍ය අමාත්‍යාංශ හා අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් සයිට් එකෙත් මේ නිවේදනය පළ කරනවා.”

එන්නත් ලබාගත හැකි ස්ථාන ලෙස හෝමාගම කලාප කාර්යාලය, කොළඹ කලාප කාර්යාලය, ජයවර්ධනපුර කලාප කාර්යාලය, පිළියන්දල කලාප කාර්යාලය යන ස්ථාන නම් කර තිබේ.

මේ අතර විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙන සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පසු බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එහිදී විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියාසිටියේ දෙවන මාත්‍රාව ගෙන මාස හයක් ඇතුළත ෆයිසර් බූස්ටර් එන්නත ලබාදෙන බවයි.

විශ්වවිද්‍යාල සිසුන් පළමු මාත්‍රා 2 ලබා ගැනීමට කල් ගියහොත් ෆයිසර් එන්නත් මාත්‍රාව ලබාගැනීමට තවත් කාලයක් ගත විය හැකි බැවින් තමන් ළඟම ඇති විශ්වවිද්‍යාලයට ගොස් එන්නත් මාත්‍රා 2 ලබා ගන්නා ලෙස හෙතෙම දන්වා සිටියේ ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා