නවතම පුවත්

මහ කන්නයට පළමු කාබනික පොහොර තොගය එයි බෙදාහැරීම අද සිට

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මහ කන්නය සදහා අවශ්‍ය  කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30000ක් ඊයේ (13) දිවයිනට පැමිණ තිබේ.

එම පොහොර තොගය ඊයේ රාත්‍රියේ සිටම වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්කවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒ අනුව අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල මෙම පොහොර තොග බෙදාහැරෙනු ඇත.

ලිතුවේනියාවේ සිට වෙගෝරස් නෞකාවෙන් මෙම පොහොර තොගය කොළඹ වරායට පැමිණියේ ඊයේ පස්වරුවෙි ය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම‍ගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමඟ ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරු දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු හා දිස්ත්‍රික් පොහොර නිලධාරින් ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා රාජ්‍ය අමාත්‍යාංශයේ ඉහළපෙළේ නිලධාරින් පිරිසක් පසුගිය 11 වැනිදා පැවති රැස්වීමේදී තීරණය කර තිබුණේ දැනටමත් තමන්ට අවශ්‍ය පොහොර නිෂ්පාදනය සඳහා රජයෙන් ලබා දෙන ආධාර මුදල් ලබා ගෙන ඇති ගොවීන් හැර සෙසු ගොවීන්ට අවශ්‍ය කාබනික ඝන පොහොර ලබාදීමට ය.

අම්පාර,අනුරාධපුරය,පොළොන්නරුව,මොණරාගල,ත්‍රිකුණාමලය,මඩකලපුව,කුරුණෑගල,හම්බන්තොට, හා පුත්තලම යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික් සඳහා කාබනික පොහොර බෙදා හැරීමේ ප්‍රමුඛතාව ලබා දීමට ද එහිදී එකඟතාවක් ඇති විය.

ඒ ඒ ප්‍රදේශවල ගොවිජන මධ්‍යස්ථානවලින් ලබා ගැනීමට හැකි වන පරිදි සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම කාබනික ඝන පොහොර ප්‍රවාහනය කිරීමට එහිදී තීරණය වී තිබිණ. ඊට අමතරව ජෛව දියර පොහොර හා කාබනික නයිට්‍රජන් සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකින්ම ගොවීන්ට ලබා හැකි වන පරිදි ගබඩා කර තැබිය යුතු බවට ද මෙම රැස්වීමේදී තීරණය කර තිබුණි.

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර, දේශීය නිෂ්පාදනය, ආනයනය, සහනාධාර, තාක්ෂණික සහාය, දැනුවත් කිරීම ඇතුළු සමස්ත ක්‍රියාවලිය සඳහා රජයට රුපියල් බිලියන 26.62ක මුදලක් වැයවේ. කාබනික පොහොර නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිමය හෙක්ටයාර් 02කට යටත්ව මූල්‍ය ප්‍රදානයන් සිදු කෙරේ. එමගින් රසායනික පොහොර ආනයනය සඳහා වැය වූ රුපියල් බිලියන 22.71ක මුදලින් වැඩි කොටසක් මෙරට ගොවින් අතට පත් කිරීමට හැකි වූ බවද රේඛීය ආයතනවල නිලධාරීහු කියා සිටිති.

පොහොර උපදේශක කමිටුවේ පූර්ණ අනුමැතිය මත මෙම කාබනික පොහොර  රසායනාගාර සහ ජෛව විවිධාත්මක පර්යේෂණයන්ට භාජනය කිරීමෙන් අනතුරුව ගොවීන්ට ලබා දෙන බවට ද නිලධාරීහු සහතික වූහ. එලෙස පර්යේෂණ කොට අහිතකර දෑ අඩංගු බවට අනාවරණය වූ, මීට පෙර චීන සමාගමකින් ආ පොහොර තොගයක් ප්‍රතික්ෂේප කොට ආපසු හරවා යැවීමට ද රජය පසුගියදා කටයුතු කර තිබුණි.

ඇතැම් පාර්ශ්ව පවසන ආකාරයේ ආහාර හිඟයක් හෝ සාගත අවධානමක් කාබනික පොහොර ප්‍රතිපත්තිය හමුවේ රට තුළ මතු නොවන බව ද රජය අවධාරණය කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා