අසංක නවරත්න
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවර්ධන කටයුතු ඊයේ (1) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පවසන්නේ ඒ අනුව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, ආගමික වැඩසටහන් හෝ උසස් පෙළ විභාගයට අදාළ කිසිඳු ප්‍රවර්ධන කටයුත්තක් සිදු කිරීම තහනම් බව ය.
එවැනි කටයුතු සිදු කරන්නන්ට එරෙහිව විභාග පනත යටතේ දඬුවම් පමුණුවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පෙබරවාරි මස 7 වනදා සිට මාර්තු මස 5 වනදා දක්වා පැවැත්වේ.
මේ අතර රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පිහිටුවන බවද විභාග කොමසාරිස්වරයා මීට පෙර සඳහන් කළේය.
කොවිඩ් ආසාදිත සිසුන්ට එම රෝහල්වල පිහිටා ඇති විභාග මධ්‍යස්ථානවල සිට විභාගයට පෙනී සිටිය හැකි වේ.