නවතම පුවත්

උසස් පෙළ සිසුන්ට ෆයිසර් එන්නත් දීම අද සිට ඇරඹේ

Roshan

Roshan

ප්‍ර‍බෝධා හෙට්ටිආරච්චි

වයස අවුරුදු 18 හා 19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම කොළඹ දිස්ත්‍රික්කයෙන් අද (15) සිට ආරම්භ වේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 4කට අයත් පාසල් දරුවන් වෙත එන්නත ලබාදීම සිදුකෙරේ.

මෙම එන්නත් වැඩසටහන පෙරවරු 8.30 සිට පස්වරු 3.30 දක්වා ක්‍රියාත්මකය. සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 18 හා 19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් 24,000කට එලෙස ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට නියමිතය.

කොළඹ අධ්‍යාපන කලාපය සඳහා පාසල් 4ක එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකය. ඒ, කොළඹ විශාඛා, තර්ස්ටන්, සාන්ත බෙනඩික් විද්‍යාලය සහ විවේකානන්ද විද්‍යාල තුළය.
කොළඹ විශාඛා සහ තර්ස්ටන් විද්‍යාලවල එන්නත්කරණය සිදුකෙරෙන්නේ එම පාසල්වල සිසු සිසුවියන් සඳහා පමණි.

  • සාන්ත බෙනඩික් විද්‍යාලයට පැමිණිය යුත්තේ පහත දැක්වෙන පාසල්වල සිසුන් ය.
  • සාන්ත බෙනඩික් විද්‍යාලය
  • යහපත් එඩේරාගේ කන්‍යාරාමය
  • යහපත් එඩේරාගේ කන්‍යාරාමය (දෙමළ)
  • කුමාර කණිෂ්ඨ විද්‍යාලය

විවේකානන්ද විද්‍යාලයට සිසුන් පැමිණිය යුතු පාසල් සිසුන්.

  • කනපති විද්‍යාලය
  • වුල්ෆැන්ඩල් බාලිකා මහා විද්‍යාලය
  • විවේකානන්ද විද්‍යාලය
  • අල් හකීම් විද්‍යාලය
  • මැද කොළඹ හින්දු විද්‍යාලය

හෝමාගම කලාපයේ පාසල් 6ක ද, පිළියන්දල කලාපයේ පාසල් 7ක් සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ පාසල් 4 ක් තුළද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකය.

ඒ අනුව හෝමාගම කලාපයේ,

  • හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය
  • මහින්ද රාජපක්ෂ විද්‍යාලය – පිටිපන
  • දීපංගොඩ මහා විද්‍යාලය
  • සිරි පියරතන මහා විද්‍යාලය පාදුක්ක
  • සීතාවක මධ්‍ය මහා විද්‍යාලය
  • මායාදුන්න මහා විද්‍යාලය

පිළියන්දල කලාපයේ එන්නත්කරණ වැඩසටහන

  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය  (එම විද්‍යාලයේ සිසුන් පමණි)
  • කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසුන් පමණි)
  • පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසුන් පමණි)
  • බොරලැස්ගමුව මහා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසුන් පමණි)

මොරටු මහා විද්‍යාලයට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

  • මෙතෝදිස්ත උසස් විද්‍යාලය
  • අර්ෆත් මුස්ලිම් විද්‍යාලය
  • ශ්‍රී සුනන්දෝපානන්ද මහා විද්‍යාලය

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

  • එස් ද එස් ජයසිංහ විද්‍යාලය
  • ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය
  • නුගේගොඩ දෙමළ මහා විද්‍යාලය
  • ඇලීතියා විද්‍යාලය

දකුණු කොළඹ විද්‍යා විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

  • ශ්‍රාස්ත්‍රානන්ද විද්‍යාලය
  • ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ එන්නත්කරණ වැඩසටහන

  • මාලබේ රාහුල බාලිකා විද්‍යාලය
  • මහරගම මධ්‍ය මහා විද්‍යාලය
  • අංගොඩ රාහුල විද්‍යාලය
  • නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි