නවතම පුවත්

මංගල උත්සව – වැඩමුළු – රැස්වීම්වලට සීමා ඇතුව අවසර

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

යම් සීමාවන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට අදින් පසු අවසර හිමි ව තිබේ.  අදින් පසු රැස්වීම්, වැඩමුළු, සම්මන්ත්‍රණ ආදිය ද පැවැත්වෙන ස්ථානයේ ඉඩ ප්‍රමාණයෙන් සියයට 25ක් පිරෙන සේ, උපරිම 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ හැකි වේ.

ඒ අනුව හෙට (16) සිට ශාලාවේ ඇතුළු කරගත හැකි පුද්ගලයින් ගණනින් සියයට 25ක් පිරෙන ආකාරයට, උපරිම පුද්ගලයින් 50කට පමණක් සීමා කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා විවාහ, ලියාපදිංචි කිරීම්වලට පමණක් සීමා කර තිබුණි.

මේ අතර අවමංගල්‍ය අවස්ථාවක දී ද එක් වරක දී සහභාගී විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව හෙටින් පසු 15 දෙනෙකු දක්වා ඉහළ නැංවේ. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුව හෙටින් පසු ක්‍රීඩා ඉසව් කිහිපයක් සඳහා ද අවසර හිමිව තිබේ.

16 වනදා සිට අවන්හල්වල ආසන ධාරිතාවයෙන් සියයට 30ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගැනීමේ හැකියාව පවතින අතර මත්පැන් භාවිතය තහනම් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වාදෙයි.

මේ අතර මංගල උත්සව පැවැත්වීමේ දී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඒවා පවත්වන්නේ ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම් සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය. මංගල උත්සව මත්පැන් භාවිතයෙන් තොර විය යුතු අතර ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ අවධානය යොමු කරන බව ද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම වර්ෂයේදීත් කඨින චීවරය රැගත් පෙරහැර පැවැත්වීමට අවසර හිමි නොවන අතර කඨින චීවර පූජාව හා දහවල් දානමය පිංකම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අවසරය හිමි වන්නේ උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණකි. පිංකම අවසානයේදී පැවැත්වෙන කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීම ද උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් සහභාගී කරගෙන කළ යුතු ය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි