නවතම පුවත්

උසාවියේ තිබූ ටිපර් රියේ ගංජා

අසංක

අසංක

කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණ භාරයේ මාසයකට වැඩි කාලයක් තිස්සේ තිබුණු ටිපර් රථයක තිබී කේරල ගංජා තොගයක් ඊයේ (04) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

ටිපර් රථයේ රහස් කුටියක සඟවා කේරළ ගංජා කිලෝ 116යි ග්‍රෑම් 768ක් සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සදහන් කළේය.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ රැගෙන පැමිණි කේරල ගංජා තොගයක් ටිපර් රථයක සඟවා ප්‍රවාහනය කරන බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම ටිපර් රථය පසුගිය නොවැම්බර් 22 වෙනිදා මන්නාරමේදී පරීක්ෂාවකට ලක්ව ඇත. එහිදී මෙම ටිපර් රථයේ තිබී ගංජා කිලෝ 24යි ග්‍රෑම් 200ක් සොයාගෙන තිබේ.

එහිදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් රියදුරුත් තවත් අයෙකුත් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනා මේ වන විටත් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. ටිපර් රථය තිබී ඇත්තේ අධිකරණ භාරයේය. එම ටිපර් රථය අධිකරණ භාරයෙන් මුදා ගැනීමට එහි හිමිකරුවන් ලොකු වෙහෙසක් දරා ඇති අතර ඒ ගැන කළ සොයා බැලීමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ එහි රහස් කුටියක ඇති ගංජා විශාල තොගයක් ඇති බැවින් එසේ ටිපර් රථය මුදා ගැනීමට උත්සහ ගන්නා බවය.

ඒ අනුව ඊයේ අධිකරණ භූමියේදීම එම ටිපර් රථය පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව කළ පරීක්ෂාවේදී ටිපර් රථයේ රහස් කුටියක තිබී මෙම ගංජා තොගය සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.

photo – file photo

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්