නවතම පුවත්

ප්‍රවීන රංගන ශිල්පියකු දිවි රඟමඬලෙන් බැසයයි

අසංක

අසංක

ප්‍රවීන රංග ශිල්පි බුද්ධි සේන දයාරත්න වික්‍රම (බුද්ධි වික්‍රම) මහතා අද (05) සවස අභාවප්‍රාප්ත විය.

දශක හයකට ආසන්න කාලයක් මෙරට වේදිකාව චිත්‍රපට හා ටෙලිනාට්‍ය චරිතාංග රංගන ශිල්පියෙකු ලෙස ජනාදරයට ලක්වූ ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

අඹ යහළුවෝ, දූ දරුවෝ, කුමාරි හාමි, හිරුට මුවාවෙන් , පළිඟු මැණිකේ, පිටගම්කාරයෝ, පුංචි හපන්නු, තාරාදේවි, සොදුරු සිතැත්තී සහ සුසීමා ඇතුළු බුද්ධි වික්‍රම රංගනයෙන් දායකවූ ටෙලිනාට්‍ය සංඛ්‍යාව 20කට ආසන්නය. මෙම ටෙලි නාට්‍ය රංග කුසලතාවය බුද්ධි වික්‍රම වේදිකාව සහ සිනමාවටත් ඉහළින් ප්‍රේක්ෂක සිත් සොරා ගත්තේය.

ජී.ඩී.එල්. පෙරේරා 1965 දී නිෂ්පාදනය කළ සාමා චිත්‍රපටයෙන් සිනමා ලොවට පිවිසි බුද්ධි වික්‍රම මහතා ඉන්පසු සැඩොල් කඳුලු, වැලිකතර, හාර ලක්ෂය, තරංගා, අම්මේ ඔබ නිසා, වන බඹරු, අන්තිම රැය සහ රාජ්‍ය සේවය පිණිසයි ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායකත්වය දුන්නේය. මියයන විට 84 වන වියේ පසුවූ ඒ මහතා එක්දරු පියෙකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්