ගිම්හාන නිවාඩුව ගත කිරීම සඳහා එංගලන්තයට පැමිණෙන රටවල් 59 ක සංචාරකයින් හට නිරෝධායනය වීමකින් තොරව රටට ඇතුළුවීමට බ්‍රිතාන්‍ය රජය අවසර ලබාදී ඇත.
මෙම නිරෝධායන රෙගුලාසි ඉවත් කිරීම ලබන 10 වනදා සිට ක‍්‍රියාත්මකවේ. මෙලෙස නිරෝධායනයෙන් නිදහස් වන රටවල් අතරට ජර්මනිය, නවසීලන්තය, ග‍්‍රීසිය, ඕස්ටේ‍්‍රලියාව, ඉතාලිය, හොංකොං, බෙල්ජියම, දකුණු කොරියාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ජපානය ද ඇතුළත්.
කෙසේ වෙතත්, අමෙරිකාව, චීනය, පෘතුගාලය, කැනඩාව මෙන්ම අපි‍්‍රකානු, මැදපෙරදිග සහ ආසියානු රටවල් රැසක සිට පැමිණෙන සංචාරකයින් සඳහා දින 14 ක නිරෝධායනය තවදුරටත් අනිවාර්ය වේ..
මේ අතර, ආපනශාලා, රූපලාවණ්‍යාගාර, සිනමාශාලා ඇතුළු ව්‍යාපාර ස්ථාන රැසක් අද සිට යළි විවෘත කිරීමට ද බි‍්‍රතාන්‍ය රජය අවසර ලබා දී තිබෙ