එංගලන්තය පරදී – ශ්‍රී ලංකාව 5 වැනි තැනට

Picture of අසංක

අසංක

ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ එංගලන්ත කණ්ඩායම සමඟ අද(26) පැවති තරගය කඩුලු 8කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ජයග්‍රාහකයන් අතර 5 වැනි තැනට පත්ව තිබේ.

අද පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 156කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

ඒ අතර කැපි පෙනෙන පන්දු යැවීමක නිරත වූ ළහිරු කුමාර ලකුණු තිස් පහකට කඩුලු 3ක් බිඳ හෙළීය.

ළහිරු කුමාර හැරුණු කොට ඇන්ජලෝ මැතිව්ස් සහ කසුන් රාජිත කඩුලු 2ක බැගින් බිඳ හෙළුහ. ලකුණු 157ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ මුල් කඩලු දෙක ලකුණු 23ක් ඇතුළත බිඳ හෙළීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

එතැන් පටන් තරගය සිය අණසකට ගත් පැතුම් නිශ්ශංක 77 හා සධීර සමරවික්‍රම 65ක් ලබාගනිමින් නොදැවී දැක්වූ දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පහසුවිය.

තරගයේ වීරයා සම්මානය ළහිරු කුමාර දිනාගත්තේය.

එංගලන්තය 156 (33.2)

ශ්‍රී ලංකාව 160/2 (25.4)