නවතම පුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


ශ්‍රී ලංකාවේ ස්ථාපිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ අංශ මඟින් කරන කාර්යයන්ගේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අගය කලේය.
(20) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක hanaa singer මහත්මිය මෙහිදී අසමානතාවය, ප්‍රචණ්ඩ අන්තවාදය, ත්‍රස්තවාදය, දේශගුණීක විපර්යාස, ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කළේය.


තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට රජයට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට සහයෝගය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධෘනය සූදානම් යැයිද hanaa singer මහත්මිය සදහන් කළාය.


පාසල් දරුවන් සඳහා ආහාර ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධිනයට අනුබද්ධ unicef සංවිධානයේ අනුග්‍රහය බලාපරොත්තු වන බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ අතර පාසල් දරුවන් වෙනුවෙන් එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව තමන්ද හඳුනාගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් ද අවධාරණය කළේය.


මෙම අවස්ථාවට ලෝක ආහාර වැඩ සටහනේ නියෝජිත Brenda barton ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත xuebing sun එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ අධ්‍යක්ෂ Robert juhkan ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ simrin sing එක්සත් ජාතින්ගේ සංවිධානයේ ළමා අරමුදලේ නියෝජිත tim Sutton ලෝක සෞඛ්‍ය සංවිධෘනයේ නියෝජිත වෛද්‍ය, razia Narayan pendse එක්සත් ජාතින්ගේ ජනගහණ අරමුදලේ නියෝජත ritsu nacken එක්සත් ජාතින්ගේ සංවිධානයේ ව්‍යාපෘති සේවා අධ්‍යක්ෂ sudhir muralidaran එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය හා සංවර්ධනය පිළිබඳ උපදේශක geetha sabarwal මහාචාර්ය ජී. එල් පීරිස්, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්