නවතම පුවත්

වෙළද හා නාවික ලේකම් කාර්්‍යාලයේ කටයතු Online ක්‍රමයට සිදු කරන්න – ඇමති ජොන්ස්ටන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වරාය හා නාවික අමාත්‍යංශයට අයත් වෙළඳ නාවික ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් බොහෝ පැමිණිලි පවතින බවත්, ඒ සඳහා ගනුදෙනුකරුවන් අපහසුතාවයට පත්නොවන ලෙස අදාළ ගනුදෙනු සියල්ල Online ක්‍ර‍මයට සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා උපදෙස් ලබාදුන්නේය. ඒ පසුගියදා (20) වෙළඳ නාවික ලේකම් කාර්යාලයෙහි නිරීක්ෂණ සංචාරයක් සඳහා එක්වෙමිනි. එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් අමත්‍යවරයා කියා සිටියේ, මෙම ආයතනය මගින් ක්‍රියාවට නංවන හා ආයතනය සතු කාර්යභාරයන්හි දී අදාළ කටයුතු වඩාත් කාර්යක්ෂව ඉටු කිරීම සඳහා අවශ්‍ය නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.

 “මේ ආයතනය සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් තිබුණා. මෙහි අඩුපාඩු ගණනාවක් තියෙනවා. මෙම ස්ථානයට පැමිණෙන අයට දෙන සේවාව කල්ගත වන බවට පැමිණිලි තියෙනවා. ඒ නිසා මමත්, ලේකම්තුමත් ඇවිත් ඒ ගැන නිරීක්ෂණයක් කළා. ඉතින් මෙහි අඩුපාඩුකම් ගණනාවක් අපි දැක්කා. මේවා නිවැරදි කරන්න කියා අපි නිලධාරීන් දැනුවත් කළා. එහිදී අපි යෝජනා කළා එකක් මුදල් අයකරගැනීම අන්තර්ජාල මාර්ගගතව (Online) ක්‍ර‍මයට, ඒ වගේම බැංකුවට ගිහිල්ලා දාන්න පුළුවන් විදියට ඒ වෙනස්කම් කරන්න  කියලා. ඒ වගේම වෛද්‍ය සහතික ගැනීමේ දී වෙනස්කම් කිහිපයක් එක් කරන්න කිව්වා. මම හිතනවා ඒවා එකතු වුණාම අපිට බොහෝ ප්‍ර‍ශ්න අඩුකරන්න පුළුවන් වෙයි. සතියක් ඇතුළත මේ වෙනස්කම් කරන්න අපි නියෝග කරලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවත් ඒකයි. ඒ සඳහා තමයි අපි මේ අද ඇවිල්ලා නිරීක්ෂණය කළේ….” යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය. 

ශ්‍රී ලංකාවේ වෙළඳ නාවික කටයුතු පරිපාලනය භාර ආයතනය වෙළඳ නාවික ලේකම් කාර්යාලයයි. එය සමුද්‍රීය කටයුතු අධීක්ෂණය කිරීමේ සමස්ත වගකීම් භාරව කටයුතු කරනු ලබයි. ඒ අනුව මුහුදේ සැරිසරන ජීවිතවල සහ දේපළ වල ආරක්ෂාව, සමුද්‍රීය අධ්‍යාපනය, පුහුණුව, ප්‍ර‍වීණත්වය ඇගයීමෙන් පසු සහතික ලබාදීම, ශ්‍රී ලංකා ධජය යටතේ නැව් ලියාපදිංචි කිරීම, නැව් ඒජන්තවරුන්ට, බහළු මධ්‍යස්ථාන මෙහෙයුම් කරුවන්ට, බහළු පර්යන්ත මෙහෙයුම්කරුවන්ට, බහළු නැව් බඩු මෙහෙයුම් කරුවන්ට, නැව් බඩු ඉදිරිපත් කරන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවෙකු නොවන පොදු ප්‍ර‍වාහකයින්ට වාර්ෂිකව බලපත්‍ර‍ නිකුත් කිරීම සහ අදාළ වන සියලු ජාතික සහ ජාත්‍යන්තර සම්මුති සහ රෙගුලාසි වලට අනුගතව ක්‍රියාත්මක වීම පිළිබඳ වගකීම් සිදු කරනු ලබයි. එම කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා ගරු අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා මෙසේ නිරීක්ෂණයක නිරත විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්