එක්සත් ජාතීන්ගේ සංවිධානය තෝරාගත් දේශපාලන න්යායපත්රවලට අනුව කටයුතු නොකළ යුතු බව ශ්‍රී ලංකාව අවධාරණය කරසිටී.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේදී අදහස් දක්වමින් මෙරට විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා මේ බව සඳහන් කර ඇත .
වගකීම් විරහිතව විවිධ දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන්නන්ගේ ග්රහණයෙන් මිදීමටද එක්සත් ජාතීන්ගේ සංවිධාය පියවර ගත යුතු බවද ආරියසිංහ මහතා මෙගිදී අවධාරණය කර ඇත.
. දේශීය කාරණා සම්බන්ධයෙන් රටවල්ගනු ලබන තීරණවලට එක්සත් ජාතීන් ගරු කළ යුතු බව ද ආරිය සිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වලංගු උපදේශන ක්‍රියාවලියකින් තොරව තීරණ ගැනීමෙන් වැළකී සිටිය යුතු බවත්,ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත.