නවතම පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් “පෘථිවියට සුවිසල් හානියක් සිදුවෙලා – එක්සත් ජාතීන්ගේ සංවිධානය

xpress pearl
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන මුහුදේ ගිලුණු රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු නෞකාව හේතුවෙන් “පෘථිවියට සුවිසල් හානියක්” සිදුවී ඇතිබව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතවරිය අවධාරණය කර සිටී

එම නැවෙන් පරිසර පද්ධතියට සැලකිය යුතු විෂ ද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසර පද්ධතියට එක්වීම හේතුවෙන් එසේ සිදුව ඇති බව ඇය පැවසීය.

සිංගප්පුරු ධජය සහිත එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය වෙත එමින් තිබියදී එහි තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් හේතුවෙන් මැයි 20 2වනදා ගිනි ගැනීමකට ලක්විණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ නෞකාවේ ගින්න හේතුවෙන් සිදුව ඇති හානිය නීර්ණය කිරීමටත් වන්දි ලබා ගැනීමට සහ ඉදිරියට එවැන්නක් සිදුනොවීමට අවශ්‍ය සහාය ශ්‍රී ලංකාව ට ලබාදෙන බවය.

එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය වන හානා සිංග  පවසන්නේ , “මේ හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ කලාපයේ ජීවත්වන ජනතාවගේ ජීවිතවලට සහ අදායම් මාර්ග සඳහා” බලපෑම් ඇති කර ඇති බවය.

යුරෝපීය සංගමයේ සහයෙන් මේ වනවිට ඉන්ධන කාන්දුවීම් සහ රසායනික ද්‍රව්‍ය ගැන විශේෂඥ දැනුම සහිත එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

මේ වනවිට නෞකාව හිමි එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමෙන් ඩොලර් මිලියන 40ක අතුරු හිමිකම් වන්දියක් ඉල්ලීමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබේ. ඒ ගින්න පාලනය සඳහා වැයවූ වියදමේ කොටසක් පියවා ගැනීමට බව මෙරට බලධාරීන් පවසා තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි