නවතම පුවත්

කොළඹ තදබදය අඩු කරන සිව්වන රථගාල ගෝල්ඩ් සෙන්ටර් අසලදදී ඉදිකිරීම ඇරඹේ

අසංක

අසංක

කොළඹ නගරයේ නිතර පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා ඉදිකෙරෙමින් පවතින රථගාල් දොළහේ ව්‍යාපෘතියේ හතරවන රථගාල කොළඹ – 11 අබ්දුල් කාදර් මාවතේ ගෝල්ඩ් සෙන්ටර් ආසන්නයේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරේ.

යෝජිත රථගාල් 12 න් කොළඹ කොටුව සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල රථගාල් තුනක ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර කොළඹ – 11 අබ්දුල් කාදර් මාවතේ ඉදිකෙරෙන්නේ හතරවන රථගාලයි.

එකවර රථවාහන 400 ක් නවතා තැබිය හැකි අබ්දුල් කාදර් මාවතේ ඉදිකෙරෙන මෙම රථගාලේ, වාහන නවතා තැබීමත් සමඟ ම දැනට එම ප්‍රදේශයේ පවතින වාහන තදබදය අවම වෙතැයි අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

අබ්දුල් කාදර් මාවතේ ඉදිකෙරෙන රථගාල සඳහා මහල් 10 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතයි. නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් අනුව ඉදිවන නව රථගාලේ මහල් 06 ක් රථවාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇති අතර අනෙකුත් මහල් වාණිජ භාවිතය සඳහා එනම් කඩ සාප්පු හෝ කාර්යාල සංකීර්ණ සඳහා භාවිතා කිරීමට හැකි අයුරින් සංවර්ධනය කෙරේ.

අබ්දුල් කාදර් මාවතේ ඉදිකෙරෙන මෙම රථගාල ඉදිකිරීම සඳහා වැය වන මුළු මුදල රුපියල් බිලියන 1.85 කි. මෙම ව්‍යාපෘතිය වසර 02 ක් තුළ නිම කිරීමට අපේක්ෂිතයි.

මෙම රථගාල සඳහා වෙන්කර ඇත්තේ කොළඹ – 11 අබ්දුල් කාදර් මාවතේ පිහිටා තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමකි. මෙම මුළු රථගාලේ බිම් ප්‍රමාණය රූඩ් 03 පර්චස් 09 ක් වේ. මෙහි ප්‍රධාන සංවර්ධකයා ලෙස NEM සහ NE හවුල්කාරීත්ව සමාගම කටයුතු කරන අතර රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරන ලද අවුරුදු 30 ක බදු වටිනාකම රුපියල් මිලියන 675 ක් වේ.

මේ අනුව ඉදිවන රථගාල ප්‍රසිද්ධ මහජන රථගාලක් ලෙස භාවිතයට ගැනීම කළ යුතුය යන මූලික සහ ප්‍රධාන කොන්දේසි යටතේ එය අනිවාර්ය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට, අගමැති උපෙදසින් රථවාහන තදබදයට පිළියම් යෙදීමට ඉදිරිපත් කර ඇති යෝජනාවලට අනුව කොළඹ නගරයේ මෙන් ම දිවයින පුරා රථවාහන තදබදය පවතින ප්‍රධාන නගරවල නව රථගාල් ඉදිකිරීමට නියමිතයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි