එක්ස්ප්‍රස් පර්ල් නැවේ ප්ලාස්ටික් කැට ඉදිරි දිනවල දකුණු මුහුදට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් ටොන් ගණනින් මුහුදට එක්වූ ප්ලාස්ටික් කැට ඉදිරි දිනවලදී රට වටා මුහුදේ පැතිර යා හැකි ආකාරය සම්බන්ධයෙන් සාගර පිළිබද විශේෂඥයෝ තවදුරටත් අනාවැකි පළ කර තිබේ.

ඒ අනුව ඉදිරි දිනවලදී මෙම ප්ලාස්ටික් පෙති වෙනත් තැනකට යා හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දීම වෙනුවෙන් බටහිර ඕස්ට්‍රේලියානු සාගර ආයතනයේ මහාචාර්ය චරිතා පට්ටියආරච්චි සහ ආචාර්ය සරත් විජරත්න යන අය විසින් තවදුරටත් අංශු ආකෘති නිර්මාණය කර ඇත.

මෙම ආකෘති අනාවැකි මත පදනම්ව, ප්ලාස්ටික් කැටවලින් වැඩි ප්‍රමාණයක් දකුණු වෙරළ දිගේ නැගෙනහිර දෙසට ගමන් කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.