නවතම පුවත්

“එජාපෙට තව සෑහෙන කාලයක් ඕන වෙයි නායකයෙක් තෝරන්න”- ඇමති ජොන්ස්ටන්

අසංක

අසංක

ඉදිරි මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් අත්පත් කරගන්නා බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මහජන හමුවක දී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ, මෙරට ජනතාව බහුතරයක් මේ වනවිට පොහොට්ටුව සමග ඒකරාශී වී සිටින බැවින් විශාල ජන බලවේගයක් හා ජනරැල්ලක් පොහොට්ටුව වටා ගොඩනැගී ඇති බවත්ය.


“එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණය අවසන් වූ විගස මහ මැතිවරණයට යන්න තිබුණා. ඔවුන්ට තියෙන ප්‍ර‍ශ්න ඔවුන්ට විසඳගන්න බැහැ. ඒ වගේම ඔවුන් දන්නවා කොයිවෙලේ මැතිවරණය තිබුණත් ඔවුන් පරදිනවා කියලා.

එක්සත් ජාතික පක්ෂයේ ගම් මට්ටමේ තිබුණ පක්ෂ යාන්ත්‍ර‍ණය සම්පූර්ණයෙන් ම පොහොට්ටුවේ අතට ආවා.

ඔවුන් කුලල් කාගෙන පක්ෂය ඇතුළේ. ඔවුන් විපක්ෂ නායකත්වයට ප්‍ර‍ශ්න ඇති කරගෙන. පක්ෂ නායකත්වයට ප්‍ර‍ශ්න ඇති කරගෙන. දෙකට තුනට හතරට පහට කැඩිලා ඉවරයි එක්සත් ජාතික පක්ෂය. මැතිවරණ වලට කැමති පක්ෂයක් තමයි පොහොට්ටුව. අපි ඕන වෙලාවක මැතිවරණයකට කැමතියි. පෙහොට්ටුව වටා විශාල රැල්ලක්, ජන බලවේගයක් ඒකරාශී වෙලා තියෙනවා. ඒ නිසා එන මැතිවරණයෙන් පොහොට්ටුව විශිෂ්ට ජයක් ලබනවා.


ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියූ දේ කරන නායකයෙක්. ඉතාමත් හොඳට රට පාලනය කරගෙන යනවා. එතුමාව යක්ෂයෙක් විදියට මවලා තිබ්බේ. එතුමා ඉතාම ප්‍රියජනක නායකයෙක්. ජනතාවගේ පැත්තේ හිටගන්න නායකයෙක්.

ඡන්දෙදි ජනතාව වෙනුවෙන් හිටගත්ත නායකත්වය අද ජනතාව වෙනුවෙන් තවම හිටගෙන ඉන්නවා. එතුමා නිවැරදි තීන්දු තීරණ අරගෙන සමහර අය කැමති නැතිව ඇති හැබැයි එතුමා රටේ බහුතර ජනතාවක් කැමති දේ එතුමා ඉටුකරගෙන යනවා.


සජිත් ප්‍රේමදාස මහතා තරම් දුර පේන්නේ නැති දේශපාලඥයෙක් එක්සත් ජාතික පක්ෂයට මෑත ඉතිහාසයේ නම් බිහිවෙලා නැහැ. එතුමා මේ ජනාධිපතිවරණයෙන් පැරදිලා. කවුරු අගමැති වුණත්, කවුරු එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුණත් මේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ශුද්ධ පරාජයක් ලබනවා. ඒක තමයි ඇත්ත. එතකොට කවුද ගිහිල්ලා මෙහෙම පරදින එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඉල්ලන්නේ. පරදින පක්ෂයක රනිල් වික්‍ර‍මසිංහ මහත්තයා ඉන්න කැමති නම් ඉන්න දෙන්න ඕන. එතුමා අගමැති අපේක්ෂකයා වෙන්න ආස නම් ඉන්න දෙන්න ඕනනේ. ඊටපස්සෙ තමයි ගන්න ඕන. ඒකෙන් පේනවනේ ප්‍රේමදාස මහත්තයාගේ දැනුම. කණ්ඩායමක් මේ දක්කගෙන යන නායකයා, මේ ගැලේ බැඳලා ඉන්න නායකයාගේ ඇත්ත තත්ත්වය පේනවනේ. කවුද සටන් කරන්නේ පක්ෂෙ නායකත්වය ගන්න මේ වෙලාවෙ.

ජනාධිපතිවරණයෙ දි සටන් කරලා ගත්තා නම් ඒක වෙනම දෙයක්. නමුත් ගන්න බැරිවුණා. ඒකෙදි දුන්න ලණුව ගිල්ලා. දැන් දිරවගන්න බැරුව තටමන වෙලාව. ඒ නිසා අපි පැහැදිලිව කියනවා. එතුමා පක්ෂයේ නායකයා වුණත් එකයි. විපක්ෂ නායකයා වුණත් එකයි. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට සෑහෙන කාලයක් යයි හොඳ නායකයෙක් තෝරගන්න…..” යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්