නවතම පුවත්

Port City නිසා අලුතින් රැකියා 83000ක්

port-city-colombo
අසංක

අසංක

කොළඹ වරාය නගරය හේතුවෙන් ඉදිරියේදී මෙරටට පැම්ණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියනයකින් පමණ ඉහල යනු ඇති බවටත් , ඒ හරහා නව රැකියා 83000කට අධික ප්‍රමාණයක් උත්පාදනය වනු ඇති බවටත් ඇස්තමේන්තු කර ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සුරංග සිල්වා මහතා අවධාරණය කර සිටී,

මෙම වරාය නගරය සක්‍රීය වීමත් සමග ඒ හරහා මෙරට සමස්ත ආර්ථිකයට ඉහලට එසවීම සඳහා විශාල තල්ලුවක් ලැබෙනු ඇති බවද කොළඹ විශ්වවිද්‍යාලයේ පවතී විශේෂ සම්මන්ත්‍රණයකදී මහාචාර්යවරයා සඳහන් කළේය .

” ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට වරාය නගරයේ බලපෑම ” යන මයෙන් පවතී මෙම සම්මන්ත්‍රණය ,කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක අආර්තික හා හෝටල් කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමා විද්‍යාර්තීන් හා ආදී විද්‍යාර්තීන් එක්ව සංවිධානය කර තිබිණ .

” මෙම වරාය නගරය හරහා මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයට ඉවහල් වන අවස්ථා රැසක් උදාවනවා , මෙම අවස්ථා නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට අප සූදානම් විය යුතුයි. චීන සංචාරකයින් අද ලොව වැඩිපුරම විදෙස් සංචාරණයේ යෙදෙන්නන් බවට හඳුනාගෙන තිබෙනව. වරාය නගරය හේතුවෙන් එම සංචාරකයින් බොහෝ දෙනෙකු මෙරටට ආකර්ෂණය කර ගැනීමට අවස්තාව උදාවනවා.” යයිද මහාචාර්යවරයා මෙහිදී පැවසීය .

මෙහිදී අදහස් දැක්වූ වරාය නගරයේ වෙළඳ කළමනාකාර ශාදීත් මජුමුඩීන් මහතා සඳහන් කර සිටියේ ඉදිරියටද වරාය නගරයේ ඉදිකිරීම් පරිසර හානිය අවම වන අන්දමින් ක්‍රියාත්මක කරන බවය.

පරිසරය සුරක්ෂිත කර අග්නීම වෙන්වුඑන් මෙම ව්‍යාපෘතිය විශේෂ අවධානයක් යොමු කර ඇති බවද ඒ මහතා පැවසීය .

චීන සංස්කෘතික හා සමාජයීය සහයෝගිතා සංගමයේ සංචාරක සංවර්ධන කමිටුවේ ලේකම් ලක්‍ෂිකා විතානගේ මෙහිදී ප්‍රකාශ කර සිටියේ , වරාය නගරය හේතුවෙන් පුළුල්වන සංචාරක පැමිණීම් වලට සරිලන ලෙස මෙරට සංචාරක කර්මාන්තයද යාවත්කාලීන කල යුතු බවයි .

ශ්‍රී ලංකා -චීන සංස්කෘතික හා සමාජයීය සහයෝගිතා සංගමය හා සංචාරක පර්යේෂණ අධ්‍යයන කවය ද (trac ) මෙම සම්මන්ත්‍රණයේ සංවිධාන කටයුතුවලට දායකත්වය සැපයීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්