පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන ප්රජාත්නත්රවදී ජනතා පෙරමුණ සහ පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ , එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වීමට සූදානම් වන බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කර සිටී.
ඉදිරි මැතිවරණයෙදී එක්සත් ජාතික පෙරමුණින් ඉවත්ව ස්වාධීනව තරග වදින ලෙස එම පක්ෂ දෙකෙහිම ප්රබලයින් පක්ෂ නායකත්වයට බලකරමින් සිටින බවද වාර්තාවේ .
මේ අනුව මෙම පක්ෂ දෙක , දෙමළ ප්රගතිශීලි සන්ධානය ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත්විමට සැලසුම් කරමින් ඇති බවටද තොරතුරු වාර්තා වේ.
මේ පිලිබඳ තීරණාත්මක සාකච්ජාවක් ලබන 27 දින පක්ෂ දෙකෙහි නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමටද නියමිතය.