එක්සත් ජාතික පක්ෂයේ මතුව ඇති ව්‍යාකූල තත්ත්වය සලකා, බොහෝ පාර්ශව මගින් කරන ලද ඉල්ලීම් ද සැලකිල්ලට ගෙන එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
මේ බව ඔහු පක්ෂ නායකත්වයට සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වෙත දැනුම් දිමට කටයුතු කර ඇත.
මේ බව දන්වමින් කරූ ජයසූරිය මහතා අද පෙරවරුවේ නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.