නවතම පුවත්

නැති හෝටලයක් ගැන බොරු කීවාට යෝෂිත-සජීවගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

අසංක

අසංක

සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් තමා වෙත එල්ල කරන ලදැයි කියන අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මගින් පරිසරවේදී සජීව චාමිකර මහතා ගෙන් දින හතක් තුළ රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

ඒ සජීව චාමිකර මහතා විසින් පසුගිය දහනවවන දා මාධ්‍ය හමුවක් පවත්වමින් යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් ප්‍රතික්ෂේප කරමින් එම ප්‍රකාශය මඟින් සිදුවන අපහාසයට වන්දි මුදලක් ලෙසයි.

යෝෂිත රාජපක්ෂ මහතාට අයත් මහා පරිමාණ හෝටලයක් සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව පවතින බවට පරිසරවේදී සජීව චාමිකර මහතා කරන ලද ප්‍රකාශය අපහාසාත්මක ප්‍රකාශයක් බවත් ඔහුට එවැනි හෝටලයක් අයත්ව නොමැති බවත් අදාළ නීති සමාගම විසින් සිය ලිපිය මගින් දන්වා තිබේ.

ඔවුන් පවසන්නේ එම ප්‍රකාශයේ දී, තම සේවාදායකයාගේ හොඳ නම, කීර්තිය සහ සමාජ ස්ථාවරය අපකීර්තියට පත් කිරීම හා ඒ සඳහා ගණනය කර ඇති පැහැදිලි  පදනම් විරහිත ව්‍යාජ ප්‍රබන්ධ චෝදනා සජීව චාමිකර මහතා විසින් ඉදිරිපත් කර ඇති බවයි.

යෝෂිත රාජපක්ෂ මහතාට ඉහත විස්තර කර ඇති ප්‍රදේශයට ආසන්නයේ කිසිදු හෝටලයක් නොමැති බවත් අදාළ පුවත්පත් සාකච්ඡාව මගින් තම සේවාදායකයාට එරෙහිව අසත්‍ය හා ද්වේෂ සහගත චෝදනා ප්‍රකාශයට පත් කිරීම හෝ බෙදා හැරීම මගින් සිය සේවාදායකයා අසාධාරණ හා පදනම් විරහිත විවේචනවලට හා පදනම් විරහිත අභිලාෂයන්ට ලක්ව ඇති බව සඳහන් කර ඇත.

එම ප්‍රකාශය පිළිබඳ සිය සේවාදායකයාගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින ලෙසත් එම අපහාසාත්මක ප්‍රකාශය ප්‍රකාශයට පත් කළ සහ ප්‍රචාරය කළ සියලුම මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය වේදිකා සහ වෙබ් අඩවි වෙත ඒ බව වහාම දැනුම් දෙන ලෙස යෝෂිත රාජපක්ෂ මහතාගේ නීතිඥයන් අදාළ දැනුම්දීම මගින් ඉල්ලා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්