එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා නම් කිරීමට එජාප නායකයා තීරණය කර ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුලත ඒ සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමටද පක්ෂනායකත්වය සැලසුම් කර ඇති බව වාර්තාවේ.
මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒ සඳහා අනුමැතිය හිමිවනු ඇති බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.