පැතුම් වික්‍රමරත්න
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ සංශෝධනය කිරීම පිලිබඳ විශේෂ සාකච්ජාවක් ලබන සතිය මුලදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
එම ව්‍යවස්ථාවේ ඇතුළත් කරුණු කිහිපයක සංශෝධන සිදුකිරීම පිළිබඳව පක්ෂයේ අවධානය යොමුව ඇති අතර , මෙම සාකච්ජාව පැවැත්වෙනුයේ ඒ අනුවය.
පක්ෂයේ ව්‍යවස්ථාවට වඩා ප්රජාතන්ත්රවාදී මුහුණුවරක් ලබාදීම මෙම සංශෝධනවල අරමුණ වන බවද එජාපයේ සජිත් හිතවාදී පිල සඳහන් කර සිටී.
එමෙන්ම පක්ෂයේ නායකත්වය ඇතුළු අනෙකුත් තනතුරු සංශෝධනය කිරීම මේ මස 25 වෙනිදාට පෙර සිදුකිරීමට නියමිතව තිබෙන බවද දැනගන්නට ඇත.