නවතම පුවත්

එන්නත්කරණයේ පිහිටෙන් , ඩෙන්මාර්කය කොව්ඩ් සීමාවලින් නිදහස්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසය තවදුරටත්  සමාජයට බරපතල තර්ජනයක්  ලෙස නොසැලකීමට ඩෙන්මාර්කය තීරණය කර ඇත ,

ඒ අනුව කොරෝනාවට එරෙහි සෞඛ්‍ය සීමා , හා නීති රීති රැසක්  සම්පූර්ණයෙන් ලිහිල් කිරීමට එරට රජය කටයුතු කර ඇත . විශේෂයෙන්ම , මුඛ ආවරණ පැළඳීම පවා අනිවාර්යය නොකිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත . රාත්‍රී සමාජ ශාලා පවා පෙරපරිදීම විවෘත කිරීමට එරට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි .

මෙලෙස  කොරෝනාවට එරෙහි සෞඛ්‍ය නීති සියල්ලම පාහේ ලිහිල් කල , යුරෝපයේ ප්‍රථම රාජ්‍යය ලෙස ඩෙන්මාර්කය හැඳින්විය හැකි අතර ,  සුවිශේෂී කරුණ වන්නේ එරට තුල කොවිඩ් ව්‍යාප්තිය මේ වනවිටත් වේගවත් ලෙස සිදුවෙමින් පැවතීමයි.

ඩෙන්මාර්ක බලධාරීන් මෙවැනි තීරණයක් ගැනීමට ප්‍රධානතම හේතුව එරට එන්නත්කරන ක්‍රියාවලියේ සාර්ථකත්වය බව විදෙස් මාධ්‍ය පෙන්වාදී ඇත .

මේ වනවිට එරට ජනගහනයෙන් 80% පමණ ප්‍රමාණයක් එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන ඇති අතර , 60% කට ආසන්න ප්‍රමාණයක් බූස්ටර් මාත්රාවද ලබාගෙන ඇත .

පූර්ණ ලෙස එන්නත්කරණයට ලක්වූවන්ට , කොරෝනාවේ , ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් බරපතල රෝගාබාධ ඇතිනොකරන බැවින් මෙලෙස කොවිඩ් නීති ,රීති හා සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව එරට සෞඛ්‍ය අංශයේ ප්‍රධානියෙකු හා රෝස්කිල්ඩේ විශ්වවිද්‍යාලයේ වෛරසවේදී ලෝන් සිමොන්සන් මහතා මාධ්‍ය වෙත පවසා ඇත .

සාමාජ ශාලා ,  අවන්හල් , වෙළඳසල් ආදියට ඇතුළුවීමේදී අනිවාර්යය කර තිබු එන්නත්කරන බලපතද ඉවත්කිරීමට ඩෙන්මාර්ක් බලධාරීන් තීරණය කර ඇත,

තම  ෆේස් බුක් ගීනුමේ මේ පිළිබඳව සටහනක් තබමින් ඊයේ උදෑසන ,  ඩෙන්මාර්ක අගමැතිනී  මෙට් ෆ්රෙදෙරික්සන්  (Mette Frederiksen)  මහත්මිය  සඳහන් කර ඇත්තේ , “සම්පූර්ණයෙන්ම විවෘතවූ  ඩෙන්මාර්කයක් වෙත සුභ උදෑසනක්” යනුවෙනි.  ( “good morning to a completely open Denmark”)

තවමත් රෝගීන් විශාල ලෙස වාර්තාවීම යම් ගැටළුවක් වුවද , එන්නත්කරණය ඉතා සාර්ථක මට්ටමක පවතින මේ අවස්ථාවේ , මෙම සෞඛ්‍ය නීති රීති හා සීමා ඉවත්කිරීම සුදුසු බවද ඇය  මෙහිදී සඳහන් කර ඇත .

මෙලෙස  නිදහස් හා විවෘත රටක් යලි උදාකර ගැනීම සඳහා , එන්නත්කරන ක්‍රියාවලියට සහය  ලබාදුන්  සමස්ත මහජනතාවට ස්තූතිවන්ත වන බවද ඇය මෙහිදී විශේෂයෙන් සඳහන් කර ඇත .

 

මේ පිළිබඳව BBC පුවත්සේවයේ පළවූ වාර්තාව මෙතනින් 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්