නවතම පුවත්

විදෙස් සංචාරකයින්ට වීසා පහසුකම් පුළුල් කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදෙස් ගුවන් මගීන්ට සිය රටවල සිට ගෙවීම් සිදුකෙරෙන ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් ක්‍රියාවිරහිතවන අවස්තාවලදී ,  මෙරටට පැමිණ ගුවන්තොටුපොළේ දී අදාළ ගෙවීම් කටයුතු සිදුකර වීසා ලබාගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

මේ වනවිට අදාළ පහසුකම ගුවන්තොටුපොළ තුළ සක්‍රීයකර ඇති බව එම අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔස්ට්‍රියාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, පෝලන්තය, ඉතාලිය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.

එම රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් එරට ගුවන්තොටුපොළේ දී වීසා ලබාගෙන නොමැති නම් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් යානය වෙත පිවිසීමට අවස්ථාව එරට ගුවන් තොටුපළ බලධාරීන් විසින් අත්හිටුවා තිබුණි.

එහෙත් එම රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන ගුවන් මගීන්ට කිසිදු බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණ, ගුවන්තොටුපොළේ දී වීසා සඳහා අදාළ ගෙවීම් සිදුකළ හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්