නවතම පුවත්

එපා කියද්දී ලද කටු ඔටුන්න දාගෙන කබ්රාල් වැඩ අල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මහ බැංකු අධිපති ධූරය කටු ඔටුන්නක් බව තමා දන්නා බවත් එය බාර ගැනීමට නොහැකි යැයි තමා ජනාධිපතිවරයාට කීපවරක්ම පැවසූ බවත් එම ධූරයේ ඊයේ (15) නැවත පත්කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

මෙරට 16 වන මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (15) පස්වරුවේ සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

විදේශ ණය ගෙවාදමා මෙරට විදේශ සංචිතය වැඩි කර මෙරට ආර්ථිකය තුලනය කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීම තම මූලික සැලැස්ම බව නව අධිපතිවරයා කීය.

වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහු වැඩිදුරටත් සිය ඉදිරි සැලසුම් පිළිබඳ මෙසේ පැවසීය.

“මම ජනාධිපතිවරයාට කීපසැරයක්ම කිව්වා මෙම රාජකාරිය මට පවරන්නට එපා කියලා. එතුමත් මට කීපසැරයක්ම භාරගන්න කියලා කිව්වා. අන්තිම වතාවට එතුමා කිව්වා මේක භාරගන්නමයි  කියලා. ඉතින් මම පාර්ලිමේන්තුවෙනුත් අයින්වෙලා. රාජ්‍ය අමාත්‍යධුරයෙනුත් අයින්වෙලා. නැවතවරක් මෙම සේවයට එතුමාගේ ඉල්ලීම මත පිවිසෙන්න තීරණය කළා. මම දන්නවා අනිත් අයටත් වඩා හොඳට මෙම වගකීම භාර ගන්නකොට තිබෙන අමාරුව. සැහෙන කටු ඔටුන්නක් ලෙස මම දකින්නේ.

මට මතකයි 2006දී එනකොටත් රටේ ආර්ථිකය යම් දුර්වල මට්ටමක තිබුණා. උද්ධමනය ඩබල් ඩිජිට් ගිහින් තිබුණේ. මට මතකයි එතකොට හිටපු නියෝජ්‍ය අධිපතිවරු මට කිව්වා, “ගවනර් මේක උත්සහ කරන්නවත් එපා,” කියලා. ඒ වුණාට අපි ඒක කළා. උද්ධමනය අපි අඩු කළා. ඊට පස්සේ මම 12වෙනියා හැටියට මහ බැංකුවෙන් අයින් වෙලා යනකොට විදේශ සංචිත තිබුණා අමෙරිකානු ඩොලර් බිලියන 10.2ක පමණ මුදලක්. අද එනකොට විදේශ සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 4යි. ඊට අමතරව තවත් බිලියන එකහමාරක් විතර තියෙනවා චීන බැංකුවේ. රුපියලේ අගය පිරිහිලා තිබෙනවා.

විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සහ ලොක්ඩවුන් එක නිසා විරැකියාව වැඩි වේලා. දිළිඳුකමත් වැඩිවෙලා තියෙනවා. ඒ් නිසා අපිට අභියෝග රැසක් තිබෙනවා. විදේශ සංචිත වැඩිකර ගන්න බලාපොරොත්තු වෙනවා. විදේශ ගිණුම පාලනයකර ගන්න අවශ්‍යයි. ඒකත් අපි කරන්න බලාපොරොත්තුවෙනවා. දළ දේශිය නිෂ්පාදිතය වර්ධනය කර ගන්නත් අවශ්‍යයි. යටිතල පහසුකම් සංවර්ධනය කරන්නත් අවශ්‍යයි. රුපියලේ අගය පවත්වාගෙන යන්නත් අවශ්‍යයි. ඒ් සියලු දේවල්ම අප කළ යුතුයි. ඉතින් ඒ නිසා එහෙම කරන්නට නම් මේ පරස්පර විරෝධී කටයුතු පවිච්චිකරගෙන අපිට කරන්නට සිදුවෙනවා යම් කිසි තුලනයක් ලබා ගැනීමට. ඉදිරි මාසය , මාස 2ක,3න 6ය තුළදී මේ තුලනය ඇතිකරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපිට තියෙන්නේ. ඊළඟ විශේෂ අභියෝගය හැටියට. ඒක ලෙසි  වැඩක් නෙමෙයි කියලත් මම දන්නවා. මම හිතන්නේ අපි හැමෝම එකට එකතු වෙලා ගියොත් අපිට ඒක කරන්න පුළුවන් වෙනවා.”

හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පෙරේදා (14) සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම තනතුරට පත්වූ‍යේ මෙතෙක් ඔහු දැරූ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.

වරලත් ගණකාධීකාරීවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

අවස්ථා දෙකකදී මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ එකම පුද්ගලයා වන්නේද අජිත් නිවාඩ් කබ්රාල් මහතාය.

ක්‍රියාකාරී දේශපාලනයේ සිට යළි මහ බැංකු අධිපතිධූරය භාර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂය ඇතුළු පාර්ශව රැසකගෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම  මෙම පත්වීමට විරෝධය පළකරමින් මැන්ඩාමස් රිට් පෙත්සමක්ද අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්