නවතම පුවත්

එපික් ලංකා සමාගම නව නිපැයුම් 20 ක් සමගින් ඉදිරි වසර 25 සඳහා ඩිජිටල්කරන උපායමාර්ග එළිදක්වයි.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුළ ෆින්ටෙක් විසඳුම් ලබා දෙන ප්‍රමුඛතම සමාගමක් වන එපික් ලංකාසමාගමවිසින්සිය  25වනසංවත්සරය පසු ගිය දා සමරනු ලැබීය.මෙරට මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රය වෙත විශිෂ්ටසේවාවක් ලබා දීම කෙරෙහි නිරන්තරයෙන් කැප වන එපික් ලංකා සමාගමේ විශිෂ්ට නිෂ්පාදන කළඹ  IPs පද්ධති (intellectual property) 20කින් සමන්විත වේ.ගෝලීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස එපික් ලංකා හඳුන්වා දෙන  මෙම IPs පද්ධති,  ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සන්නාම සමඟ අත්වැල් බැඳගනිමින් විදේශ වෙළෙඳපොළ තුළ ස්ථාවරත්වයට පත් වීම හරහා  ශ්‍රී ලංකාවට  කීර්තියක් අත් කර දීමට සමත් වී ඇත.

එපික් ලංකාසමාගම පසු ගිය වසර 25 පුරා දේශීය තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්ඇතුළු ව 6,000කට අධික සේවක පිරිසක් වෙත රැකියා අවස්ථා ලබා දී ඇති අතර, 3,000 කට අධික පිරිසකට සීමාවාසික පුහුණුව ලබා ගැනීම සඳහා  ද අවස්ථාව ලබා දී ඇත. ඩිජිටල් ක්ෂේත්‍ර නිපුණත්වයේ ප්‍රමුඛයකු වන එපික් ලංකා සමාගම  නව විසඳුම්හරහාගෙවීම් ක්ෂේත්‍රය නවීකරණය කරමින්, රාජ්‍ය ව්‍යවසායන් නව්‍යකරණය  කිරීමවෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇති අතර,  පුළුල් විෂය පථයක් ආවරණය කරන එපික් ලංකා සමාගම හඳුන්වා දෙන නව විසඳුම් හා නවෝත්පාදනහරහා.ලබා දෙන සේවාවන් ආසන්න වශයෙන් මෙරට සියළුම් ජනතාවගේ දෛනික ජීවිතයට සෘජු හෝ වක්‍ර බලපෑමක් ඇති කරන බව සමීක්ෂණ වාර්තා හෙළි කරයි.

එපික් ලංකා සමාගම නැගෙනහිර ආසියාවේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ එම සමාගමේ සේවාවන් ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් වෙත ද ලබා දෙමින්,මෙම කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිත ව ගෝලීය ප්‍රමුඛයා බවට පත් වීමට සමත් විය.මේ බව සනාථ කරමින් මෙවර Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලේදී එපික් ලංකා සමාගම,  ශ්‍රී ලංකාවේ හොඳම ICT විසඳුම් සපයන්නා  ලෙසරන්  සම්මානය හිමි කර ගත් අතර, මෙම ජයග්‍රහණය,  විශිෂ්ටත්වය සහ  නවෝත්පාදනහඳුන්වා දීම සඳහා එම සමාගමේ කැපවීම සඳහා උදාහරණ සපයයි.

එපික් ලංකා සමාගමසිය නිෂ්පාදන කළඹ සඳහා  ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කරන අතර,එම සෑම නිෂ්පාදනයක් හරහා ම යම් නිශ්චිත ව්‍යාපාරික අවශ්‍යතාපරාසයක් ඉලක්ක කරමින් එම අවශ්‍යතා සඳහා සාර්ථක විසඳුම් ලබා දෙයි. නිදසුනක් වශයෙන්එපික් ලංකා සමාගමහඳුන්වා දී ඇති විශ්වසනීය මෙන් ම බහුකාර්ය විසඳුමක් වන  PreveNET NAC මගින් දෘඪාංග පදනම් කරගත් ජාල ප්‍රවේශ පාලකයන්ගේ (hardware-based Network Access Controllers) සිට  බහුකාර්ය මෘදුකාංග පදනම් වූ විකල්පසේවාවන්  වෙත යොමු වීමේ අවස්ථාව ආයතන වෙත උදා කර දී ඇත. ඊට අමතර ව එපික් ලංකා සමාගමහඳුන්වා දී ඇති  CollectMate, බැංකු ක්ෂේත්‍රයේ ණය එකතු කිරීම් සහ ප්‍රතිසාධන  ක්‍රියාවලි  කළමනාකරණය කිරීම සඳහා පුළුල් මෙන් ම  පරිපූර්ණ සේවාවක් ලබා දෙයි.  එමෙන් ම ලේඛන කළමනාකරණ පද්ධති සහ ක්‍රියාවලි කළමනාකරණ විසඳුම්වලින් සමන්විත   Doxmate මඟින්, ව්‍යවසාය අන්තර්ගතයන් කළමනාකරණය සහ ව්‍යාපාර ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය ආශ්‍රිත ව පහසුකම් සපයන අතර, Paytect යනු බැංකු කාඩ්පත් නිකුත් කිරීම, අත්පත් කර ගැනීම සහ ගනුදෙනු සැකසීමආශ්‍රිත ව සේවා ලබා දෙන  කාඩ්පත් කළමනාකරණ පද්ධතියකි.එමෙන් ම Digiface, එපික් ලංකා සමාගමහඳුන්වා දෙනඩිජිටල් ඔන්බෝඩ් eKYC සහ vKYC විසඳුමක් ලෙස දැක්විය හැකි අතර, එය අදාළ රෙගුලාසිවලට අනුකූල ව  විවිධ බැංකු නිෂ්පාදනවලට ඩිජිටල්සේවාවන් ඇතුළත් කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක්  ඉටු කරයි.එපික් ලංකා සමාගම හඳුන්වා දෙන  මෙමසියලු ම  විසඳුම් ආයතනික මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන් ම විකාශනය වන ව්‍යාපාරික ලෝකය තුළ  ඩිජිටල් අවශ්‍යතා සපුරාලීමසඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙයි.

වසර 25ක් පුරා  ශ්‍රී ලංකාවේ තාක්ෂණික නවෝත්පාදනයන් අතින් ඉදිරියෙන්ම සිටින  එපික් ලංකා සමාගමේ  නිර්මාතෘ සහ විධායක සභාපති ආචාර්ය නයන දෙහිගමමහතා මෙම විශිෂ්ට ගමන් මග පිළිබඳ ව අදහස් දක්වමින් කියා සිටියේ,”අපගේ විශිෂ්ටත්වය සඳහා උදාහරණ සපයමින්  එපික් ලංකා සමාගමපසුගිය දා 25වන සංවත්සරය සැමරුවා.  ආරම්භයේ සිටවර්තමානය දක්වා ම අපි අපගේ වෘත්තීය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බලවේගයක් විදියට වර්ධනය වුණා. ඩිජිටල් පරිවර්තනයසහ දැඩි කැප වීමෙන් කටයුතු කරන අපගේ අති දක්ෂ කාර්යමණ්ඩලය මෙම ජයග්‍රහණය සඳහා බෙහෙවින් ඉවහල් වුණු බව පැවසිය යුතු ම යි.යනුවෙනි.

එපික් ලංකා සමාගමේ  කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී විරාජ් මුදලිගේ මහතා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “උසස් තාක්‍ෂණයෙන් සමන්විත අපගේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නව්‍යකරණ සංස්කෘතියක් පෝෂණය කිරීම වෙනුවෙන් සුවිශේෂී  කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. අප හඳුන්වා දුන් මෙම නවතම සේවාවන්සඳහා  දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සම්මාන රාශියක්හිමි වූ බවත් පැවසිය යුතු ම යි.යනුවෙනි.

අනාගතය වෙත අවධානය යොමු කරමින්,නවෝත්පාදනවෙත යොමු වෙමින්,ඒහරහාපාර්ශ්වකරුවන්වෙත වටිනාකම් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වන බව පැවසූ  මුදලිගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,“අපගේ ගෝලීය පැවැත්ම පුළුල් කිරීමට සහ ආසියාවෙන් පරිබාහිර වෙළෙඳපොළවෙත අපගේ විශිෂ්ට විසඳුම් හඳුන්වා දීමට අපි කැපවීමෙන් යුතු ව කටයුතු කරනවා. ගෝලීය ෆින්ටෙක් කර්මාන්තයේ අනාගතය සැකසීමවෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන අප සමාගමේ 20කට අධික  නිෂ්පාදන කළඹ අති නවීන මෘදුකාංග විසඳුම් දක්වා වර්ධනය  වෙමින් පවතිනවා.  අපි ඉදිරි මූල්‍ය වර්ෂය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ලොව පුරා මෘදුකාංග සමාගම් සමඟ උපායමාර්ගික සබඳතා ගොඩනංවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ වගේ ම  ගෝලීය  තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය උඩු යටිකුරු කිරීම එපික් ලංකා සමාගමේ අරමුණයි.යනුවෙනි. 

1998 දී ආරම්භ කරන ලද, එපික් ටෙක්නොලොජි සමූහය, යනු දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ බැංකු, මූල්‍ය සේවා සහ රාජ්‍ය අංශ වෙත නවීන තාක්‍ෂණය හඳුන්වා දීම වෙනුවෙන්  සම්මානලාභී, කලාපීය වශයෙන් ප්‍රමුඛතම තාක්‍ෂණික සමාගමකි. එපික් ලංකා සමාගම ෆින්ටෙක්තොරතුරු පද්ධති ආරක්ෂාව, ආයතනික ඩිජිටල්කරණය, ජංගම දුරකථන යෙදුම් (Mobile App), විද්‍යුත් ගෙවීම් යෙදුම් (E- Payment App) සංවර්ධනය, ඊ-රාජ්‍ය විසඳුම් (E Government Solutions)  සහ  ලේඛන කළමනාකරණ පද්ධති පිළිබඳ වසර 25 කට වැඩි පළපුරුද්දක්මෙන් ම විශේෂඥතාවක්සහිත සමාගමක් වන අතර,එම සමාගම  ISO 9001:2015, ISO 27001:2013, PCI3DS, සහ CMMi Level 3 යන තත්ත්වසහතික ලබා ඇත.

වැඩි විස්තර සඳහා කරුණාකර www.epictechnology.lk වෙත පිවිසෙන්න.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්