නවතම පුවත්

SLC නිලධාරී මණ්ඩලය ඉවත් කරන යෝජනාව මැතිසබේදී සම්මතයි

අසංක

අසංක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු දූෂිත නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම යෝජනාව ගෙනැවිත් තිබුණි.

වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා විසින් එය ස්ථිර කරන ලදි.

විපක්ෂය විසින් ගෙන ආ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ස්ථිර කරන ලද බැවින් ද එම යෝජනාව සඳහා ඡන්දයක් අවශ්‍ය නොවන බවත් එය දැනටමත් සම්මත වී ඇති බවත් සභානායකවරයා ප්‍රකාශයට පත්කළේය.

ඒ අනුව මෙම යෝජනාව සම්මත කිරීම සඳහා ඡන්දයක් පැවැත්වූයේ නැති අතර යෝජනාවට සියලු දෙනා එකඟ බවට මන්ත්‍රීවරුන් හඬගා ප්‍රකාශ කරන ලදී.

කෙසේවෙතත් ජාතික ජනබලවේග මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවවට සහභාගි වී සිටියේ නැත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව මෙලෙස අද දින ඒකමතිකව සම්මත විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්