එවරස්ට් තරණය පුරුදු කඳු නගින්නන්ට පමණයි

Picture of අසංක

අසංක


එවරස්ට් කඳු තරණයට අපේක්ෂා කරන පුද්ගලයන් කඳු නගිනන්නන් බව ඔප්පු කළහොත් පමණක් ඊට අවස්ථාව ලබාදීමට නේපාල රජය පියවර ගෙන තිබේ. ඒ සඳහා සුදුසුකම් ගණනාවක් ද සැපිරිය යුතු බව නේපාල රජය පවසයි.


ඒ අනුව එවරස්ට් තරණයට පැමිණෙන අය අඩි 21325ක් උසැති නේපාල කඳු මුදුනක් නැඟ තිබිය යුතුය. කායික යෝග්‍යතා සහතික ඉදිරිපත් කළ යුතු අතර මඟපෙන්වන්නන් අත්දැකීම් සහිත අයවලූන් විය යුතුය.


නේපාල රජය මෙම තීරණයට එළැඹ තිබුණේ පසුගිය වසරේදී එවරස්ට් කඳු තරණයට ගිය 11 දෙනකු මියගොස් හෝ අතුරුදන් වී තිබීම නිසයි. 9 දෙනකු නේපාල දෙසින් වන එවරස්ට් කඳු අතර මියගොස් තිබූ අතර 2නෙකු ටිබෙට් දෙසින් ගමන් ගත් පුද්ගලයන් ය.


මෙම සුදුසුකම් ඇතුළත් වාර්තාවක් නේපාල රජය විසින් ඉදිරිපත් කර ඇති අතර එහි දැක්වෙන පරිදිඑවරස්ට් තරණයට ඩොලර් 35000ක් ද මීටර් 8000ට වැඩි සෙසු කඳු තරණයට ඩොලර් 20000ක් ද අයකිරීමට තීරණය කර තිබේ.

ලොව වැඩිම උසැති කඳු 14 අතුරින් 8ක්ම හිමිව ඇත්තේ නේපාලයට ය. එරට විදේශීය ප‍්‍රධාන අදායම් මාර්ගයක් වන්නේ ද එයයි.