‍එළැඹෙන සතියේ වැසෙන පාසල්වල ගුරුවරුන්ටත් නිවාඩු

Picture of අසංක

අසංක

හෙට (20) සතියක කාලයක් කොළඹ කලාපයේ සියලුම පාසල් සහ රටේ සියයලුම ප්‍රධාන නගරවල පාසල් වසා තැබෙන අතර එම කාලය තුළදී ගුරුවරුන් පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

ඒ අනුව එම පාසල්වල ආරක්ෂක අංශ හැර අනෙක් කාර්ය මණ්ඩල පැමිණීම අනිවාර්ය නොවන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කීය.

කොළඹ කලාපයේ සහ රටේ සියලුම ප්‍රධාන නගරවල පාසල් සතියක කාලයක් වසා තැබීමට මීට පෙර තීරණය කර තිබුණේ රටේ ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා නිසා ය.

එබැවින් මෙම දින නිවාඩු දින ලෙස සැළකෙන බව ද අමාත්‍යවරයා කීය.

වැඩිදුරටත් ඒ පිළිබඳ කරුණු දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ විභාග උත්තර පත්‍ර සමීක්ෂණය කරන ගුරුවරුන්, විභාග ශාලාධිපතිවරුන් සඳහා ඉන්ධන ලබාගැනීම සහ ඔවුන්ගේ විශේෂ දීමනාව සම්බන්ධයෙන් දැනටමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.