එක්සත් ජාතික පෙරමුණේ කොටස්කාර පක්ෂවල ප්‍රධානීන් හා සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ජාවක් හෙට දින පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව මෙම සාකච්ජාව සඳහා රවුෆ් හකීම් මහතා රිෂාඩ් බදියුදීන් මහතා , හා පාඨලී චම්පික රණවක මහතා ඇතුළු එකසත් ජාතික පෙරමුණට අයත් පක්ෂවල සියලු ප්‍රධානීන් එක්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටී.
සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස තෝරාපත් කර ගැනීම පිළිබඳව වැදගත් කරුණු කිහිපයක්ම මෙම සාකච්ජාවේදී අවධානයට ලක්කෙරෙනු ඇති බව වාර්තාවේ