ඉදිරි මාස 06 ඉලක්ක කර ගනිමින් නව ආර්ථික සැලැස්මක් සකස් කර ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
ට්විටර් සටහනක් තබමින් මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය වන පරිදි සය මාසික ආර්ථික සැලැස්ම නිර්මාණය කර ඇති බවයි. ඔක්තොම්බර් මස 01වනදා සිට මෙම ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක වේ .
මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අජිත් නිවාඩ් කබ්රාල් ඉකුත් 15වනදා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය .