නවතම පුවත්

ඔක්තෝම්බරයේ ආහාර සහ වෙනත් බඩු මිලත් ඉහළටම ගිහින්

අසංක

අසංක

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ගෙවුණු සැප්තැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට පසුගිය ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3 දක්වා ඉහළ ගියේය.

මේ සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය.

මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 10.0හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 11.7 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 3.0හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.4 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.5හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ ගියේය.

2021 ඔක්තෝබර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස 2.12ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 0.89කින් සහ සියයට 1.23කින් ඉහළ යෑම මේ සදහා හේතු විය.

ඒ අනුව, 2021 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩය තුළ, කිරි පිටි සහ සහල් මිල ගණන් ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (එල්.පී ගෑස් සහ නඩත්තු කටයුතු සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය), ආපනශාලා සහ හෝටල්, විවිධ භාණ්ඩ සහ සේවා සහ සෞඛ්‍ය යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් ‍පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඉහළ ගියේය.

තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 4.8හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 7.2 දක්වා ඉහළ ගිය අතර, 2021 සැප්තැම්බර් මාසය දක්වා සියයට 4.4ක් ලෙස අඛණ්ඩව මාස 6ක් තුළ නොවෙනස්ව පැවති වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.6 දක්වා ඉහළ ගියේය.

තොරතුරු – ශ්‍රී ලංකා මහබැංකුව

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්