නවතම පුවත්

ටෙස්ට් තරගය අද සිට ප්‍රේක්ෂකයන්ට විවෘතයි

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර වන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (24) සිට ක්‍රීඩාංගණයට පැමිණ තරගය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්‍ෂයන්ට හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂකයන්ට වෙන්කර ඇති ඉඩ ප්‍රමාණයෙන් සියයට 35 ක ප්‍රමාණයකට ප්‍රේක්‍ෂකයන් ඇතුළු කරගන්නා බවත් ප්‍රේක්‍ෂකයන්ට නොමිලයේ තරග නැරඹීමේ අවස්ථාව ලැබෙන බවත් සභාපතිවරයා කීය.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙම පියවර ගන්නා අතර එම අවස්ථාව ක්‍රිකට්ලෝලීන්ට ලැබීම පිළිබඳ සතුටට පත්වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියාසිටියේ මෙම අවස්ථාව නිවැරදිව සෞඛ්‍යාරක්ෂිතව භාවිත කිරීම තුළින් ක්‍රිකට්ලෝලීන්ට ආරක්ෂිතව විනෝද විය හැකි බවත් එබැවින් වගකීමෙන් එම අවස්ථාව භාවිත කරන ලෙසත් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්