නවතම පුවත්

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය නවතන්න කිසිම හේතුවක් නෑ – WHO

අසංක

අසංක

කොවිඩ්-19 වෛරසය මර්දනය සදහා යොදාගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය නවතා දැමීමට කිසිදු හේතුවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම එන්නත හේතුවෙන් රුධිරය කැටි ගැසීම් සිදුවන බව පවසමින් බල්ගේරියාව, ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුළු රටවල් කිහිපයක් විසින් භාවිතය අත්හිටුවා තිබුණි.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු අද කියා සිටියේ රුධිරය කැටිගැසීම සහ එන්නත අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ය.

ප්‍රකාශක මාග්‍රට් හැරිස් පැවසුවේ එය “විශිෂ්ට එන්නතක්” බවත් එය දිගටම භාවිතා කළ යුතු බවත්ය.

යුරෝපීයයන් මිලියන 5 ක් පමණ දැනටමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වාර්තාවන් පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවද හැරිස් මහත්මිය පැවසුවාය.

යුරෝපා රටවල් කිහිපයක පැතිර යන ප්‍රචාරයන් පදනම් විරහිත බව යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය ද අවධාරණය කර තිබුණි.

මේ වන විට ශ්‍රී ලාංකිකයින් 760,000 කට වැඩි පිරිසකට ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්