ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටී .
ආසාධිතයින් ප්‍රමාණය කෙමෙන් පහල යාමත් සමග මෙසේ බාහිරව කෘතීම ලෙස ලබාදෙන ඔක්සිජන් මත යැපෙන රෝගීන් ගනනද දැනට 1000 කට අඩු මට්ටමට පැමිණ ඇති බව ඒ මහතා පැවසීය
වෛරසයේ ප්‍රබලතාවය අඩුවීමක් නිසා මෙය සිදුවන්නේද එසේත් නැතිනම් සංචරණ සීමා හේතුවෙන් ඇතිවූ සිදුවීමක්ද යන්න තවම නිශ්චිත නොමැති නමුත් මතුවී ඇති තත්වය අස්වැසිල්ලක් බවද ඒ මහතා මාද්‍ය වෙත පැවසීය
රට තුලම නිෂ්පාදනය කරන ඔක්සිජන් ප්‍රමාණය ,මෙරට සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වේ නම් එය ඉතා හොඳ තත්වයක් බවද ඒ මහතා පැවසීය .