නවතම පුවත්

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලා අස්වූ හේතුව මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වීමට බලපෑ ප්‍රධානතම හේතුව, මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන විශේෂඥයින්ගේ නිර්දේශ අනුව ක්‍රියාත්මක නොවීම බව වාර්තා වේ

දිගින් දිගටම විශේෂඥයින්ගේ උපදෙස් අනුව කොවිඩ් මර්දන වැඩසටහන් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ එමගින් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට වගකිව නොහැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද ජේවික්‍රම සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී ඇත.

විශේෂඥයින්ගේ උපදෙස් නොතකමින් මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ඉකුත් කාල සීමාවේදී ක්‍රියාත්මක වූ බවට පසුගිය දිනවල  චෝදනා එල්ල වු අතර  වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට පළමුව කොවිඩ් එන්නත් ලබා දිය යුතු බවට තාක්ෂණික කමිටුව නිර්දේශ කර තිබුණද වයස අවුරුදු 30 ට වැඩි සියලු පුද්ගලයින්ට පළමුව එන්නත් ලබාදීමටයි පියවර ගැණුනි ..

ඒ හේතුවෙන් වයස අවුරුදු 60 ට වැඩි අවදානම් කාණ්ඩයේ පුද්ගලයින් විශාල පිරිසකට එන්නත් ලබාදීම ප්‍රමාද වූ බවත්, එය මෙරට කොවිඩ් මරණ වැඩිවීමට හේතුවක් වූ බවත් විශේෂඥයින්ගේ මතය විය

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ත් 30 ත් ත් අතර තරුණයින් සඳහා ෆයසිර් එන්නත් ලබාදීමද විශේෂඥ මතයට බැහැරව සිදුවී ඇති බව තොරතුරු වාර්තාවේ . විශේෂඥ වෛද්‍යවරුන් යෝජනා කර ඇත්තේ විවිධ රෝගාබාධවලින් පෙළෙන අවධානම් කාණ්ඩයේ පසුවන දරුවන් සඳහා එම ෆයිසර් එන්නත මාත්‍රා 50,000 වෙන් කරන ලෙසය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි