නවතම පුවත්

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් ඉහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

රෝහල්වල ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී

මේ තත්වය කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කැපී පෙනෙන බවද හෙතෙම මාධ්‍ය වෙත  සඳහන් කළේය.

මෙය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරීමෙන් පසුව ඇතිවුණු තත්වයක් විය හැකි යැයි පැවසූ ජයසුමන මහතා මෙය වඩාත් අවධානය යොමු කළ යුතු තත්වයක් බවද ප්‍රකාශ කළේය.

වෙනදා රෝගීන් 100 දෙනෙකුගෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් පස් දෙනෙකු හමුවූයේ නම් දැන් එවැනි තත්වයේ රෝගීන් දස දෙනෙකුට වැඩි ප්‍රමාණයක් හමුවන බවද මහාචාර්ය ජයසුමන මහතා පැවසුවේය.

ජනතාව මෙන්ම බලධාරීන්ද රට තුළ පවත‘න කොවිඩ් අවදානම පිළිබඳ වඩාත් විමසිලිමත්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයද සඳහන් කර ඇත

. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ ඉදිරියේදී රෝගීන්ගේ මෙන්ම මරණ සංඛ්‍යාවේද වැඩි වීමක් විය හැකි බවයි.

පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් යුතුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන ලෙස ගුරු විදුහල්පති සංගම්වලින් ඉල්ලා සිටින බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්