නවතම පුවත්

ගුරු අරගල නිසා රටම අනතුරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

– PHIලා අනතුරු අඟවති

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ගුරු වෘත්තීය සංගම්වල ඉල්ලීම් කෙතරම් දුරට සාධාරණ වුවත් කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ‍හමුවේ ගුරු අරගලය හරහා රට අවදානම් තත්ත්වයකට පත්වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

එමෙන්ම කොවිඩ් ඔවුන්ගේ ජීවිත බිලි ගැනීමට වැඩි ඉඩකඩක් පවතින බව ද මෙම තත්ත්වය තුළ කොවිඩ් ව්‍යාප්තිය අධික වනු ඇති බවද උපුල් රෝහණ මහතා පවසයි.

“ගුරු වෘත්තීය සංගම් සහ සාමාජිකයින්ගෙන් අපි ඉල්ලන්නේ ඔබලාගේ ඉල්ලීම් කොයිතරම් සාධාරණ වුණත් ඒ ගැන කොවිඩ් -19 වෛරසයට අවබෝධයක් නෑ. ඒ නිසා කොවිඩ් ඔබගේ ජීවිතය බිලි ගන්න ඉතාමත් ඉඩ තියෙනවා.

ගුරුවරුන්ගේ වෘත්තීය අරගලයත් එක්ක අපිට පේන්න තියෙන තවත් කාරණාවක් තමයි බිම් මට්ටමේ ජනතාව ඔවුන්ගේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම් ඉතාමත් අඩුවෙන් කරන්නේ. ඒ අනුව ජනතාව නරක පූර්වාදර්ශයක් අරගනිමින් ඉන්නවා. ගුරුවරුන්ට නගරවල උද්ඝෝෂණය කරන්න පුළුවන් නම් ඔවුන්ට සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යෑමට ඇයි සෞඛ්‍ය උපදෙස් බාධාවක් වෙන්නේ කියලා.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්