නවතම පුවත්

ඔන්ලයින් වැරදිවලට නීති හැදෙන කෙටුම්පත ගැසට් කෙරේ

අසංක

අසංක

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය (Online Safety) පිළිබඳ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම පනත් කෙටුම්පත ඔන්ලයින් ආරක්‍ෂක කොමිෂන් සභාව පිහිටුවීම සහ ශ‍්‍රී ලංකාව තුළ ඇතැම් කරුණු ප‍්‍රකාශ අන්තර්ජාලය හරහා සන්නිවේදනය කිරීම තහනම් කිරීමට ඉඩ සලසයි.

මේ අනුව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීමටත්, ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීමට හැකියාව ඇති කිරීමටත් මෙම පනතින් හැකියාව ලැබේ.

එමෙන්ම, තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් (Online Accounts) සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් (Fake Online Accounts) භාවිත කිරිම වැළැක්වීමටත්, ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනා ගැනීම සඳහා සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා මෙමගින් ඉඩ ලැබේ.

ඒ අතරම සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරිම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබා දීම මැඩපැවැත්වීම සඳහා ද, ඒ හා සම්බන්ධ හෝ ඊට අදාළ කාරණා සඳහා ඉඩසැලැස්වීම වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත සකස් කර ඇත.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කරන ලද ගැසට්ටුව පහතින්.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්