නවතම පුවත්

ජෝන් කීල්ස් වෙතින් අලුත් නිවාස ව්‍යාපෘතියක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

John Keells Properties සමාගම ජා-ඇල නගර මධ්‍යයේ සිය නවතම නිවාස ව්‍යාපෘතිය වන ‘විමන්’ නිවාස ව්‍යාපෘතියක් එළිදැක්වීමට සූදානම් වෙනවා. John Keells Properties සමාගම John Keells Holdings සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වනවා.
‘නව ලොවක් නිර්මාණය කිරීම’ යන දැක්ම මත පදනම් වෙමින් නව සුවිශේෂී ව්‍යාපෘතිය වන ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ අරමුණ බව John Keells Holdings PLC හි දේපල අංශයේ සභාපති නයන මාවිල්මඩ පවසනවා. අක්කර හයක් (06) පුරා විහිදී ඇති මහල් නිවාස 418 ක හා නවීන පහසුකම්වල සුසංයෝගී සම්මිශ්‍රණයක් වන විමන් නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ කොළඹ නගරයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සුරක්ෂිත වූ, ජීවත්වීමට සුදුසු හිතකාමී වටපිටාවක් හා සරල නාගරිකත්වය රඳවා ගනිමින බව ඔවුන් සඳහන් කරනවා.


“John Keells Properties සමාගමෙහි නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය එළිදැක්වීමට ලැබීම ගැන අපි ඉමහත් සතුටට පත් වෙනවා. ‘විමන්’ යනු නිවසකට වඩා ඔබ්බට ගිය දෙයක් බව අපගේ විශ්වාසයයි. එය සරල නාගරිකත්වයක උණුසුම කැටි කරගත් ජීවන රටාවක්. සමබරතාවය, ස්වභාවධර්මය සහ නවීන පහසුව යන මූලධර්ම වලින් අභාෂය ලද ‘විමන්’, පරිසරය පිළිබඳ අවබෝධය විවිධ ස්ථාන වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ ප්‍රජාවේ පෝෂණය යන කරුණු පාදක කර ගනිමින් වඩාත් සැලකිලිමත්ව සැලසුම් කරන ලද නිවාස එකතුවක්.
ජා-ඇළ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙහි පදිංචිකරුවන් සඳහා සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් සහ රෝහල් ඇතුළු විවිධ පහසුකම් රැසකට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියි. කොළඹ වරාය අධිවේගී මාර්ගයට පිවිසීමට ඇති පහසුව විමන් සතු සුවිශේෂී වාසියක්. මෙම උපායමාර්ගික ස්ථානය පහසුකම් වැඩි දියුණු කරනවා පමණක් නොව පදිංචිකරුවන්ට සහ ව්‍යාපාර සඳහා වේගවත් ගමනක් සහතික කර දෙනවා.


සශ්‍රීක වූ මධ්‍ය උයනක් සතු ‘විමන්’ තුළ පිහිනුම් තටාකයක්, ව්‍යායාම් ශාලාවක්, භාවනා ස්ථාන, සමාජ ශාලාවක්, ළමා ක්‍රීඩා පිටියක්, බයිසිකල් පැදීම සහ ඇවිදීම සඳහා ඉඩ පහසුකම්, බහුකාර්ය එළිමහන් ක්‍රීඩාංගනයක් සහ විදුලි වාහන ආරෝපණය කිරීමේ හැකියාව ඇතුළු පහසුකම් රැසකින් යුක්තයි. මෙම නවීන පහසුකම් තුළින් එම පදිංචිකරුවන්ට තම අධ්‍යාත්මය සමඟ සම්බන්ධ වීමට නිදහස් සෞන්දර්යාත්මක පරිසරයක් නිර්මාණය කර දෙන අතර පවුල්වලට සතුටින් හා සාමකාමීව සිටීමට කදිම පසුබිමක් නිර්මාණය කර දෙනවා.
විශේෂයෙන්ම ‘විමන්’ ව්‍යාපෘතියෙහි බලශක්ති කාර්යක්ෂමතාවය සහිතව සූර්ය බල ගැන්වූ නිවාස, හරිත අවකාශයන් සමගින් ශක්තිමත් ප්‍රජාවක් බිහිකිරීමේ අරමුණ ඇතිව, නවීන සුව පහසු හා තිරසර ජීවන රටාවක් නිර්මාණය කිරීමේ John Keells Properties සමාගම සතු කැපවීම හා අධිෂ්ඨානය විදහා දක්වනවා.
John Keells Properties සමාගම විසින් නිම කරනු ලැබූ හා ඉදිකරමින් පවතින සංවර්ධනයන් අතරට The Emperor, The Monarch, 7th Sense, OnThree20, TRI-ZEN, සහ Cinnamon Life Integrated Resort ඇතුළු සුචිශේෂී කැපී පෙනෙන නිර්මාණ ඇතුළත් වන අතර නේවාසික සහාධිපත්‍ය සංවර්ධනයෙහි අඛන්ඩව පෙරමුණ ගෙන කටයුතු කරමින් John Keells Properties ශ්‍රී ලංකාවේ නාගරික නේවාසික භූමි ප්‍රදේශ සැලසුම් කිරීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබෙනවා” යි සිය නවතම නිවාස ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් John Keells Holdings PLC හි දේපල අංශයේ සභාපති නයන මාවිල්මඩ සඳහන් කරනවා.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි