නවතම පුවත්

“ඔමික්‍රෝන්” ප්‍රභේදයේ රෝග ලක්‍ෂණ මෙන්න !

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

මේ වන විට ලොව රටවල් කිහිපයකින්ම වාර්තා වී ඇති දැඩි විකෘතිතාවයකින් යුත් “ඔමික්‍රෝන්” කොවිඩ් ප්‍රභේදයේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ වෛද්‍ය සංගමය මුලික කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකර ඇත .

මස් පිඩු වේදනාව, සුළු කැස්ස, ඇඟේ තෙහෙට්ටුව එම රෝග ලක්ෂණ වන බවයි ඔවුන් සඳහන් කරයි

මීට‍ පෙර කොවිඩ් රෝගීන් අතර සුලභව පැවති ගඳ සුවඳ නොදැනීම මෙම නව කොවිඩ් ප්‍රභේදයේ දක්නට නොලැබෙන බවයි දකුණු අප්‍රිකානු වෛද්‍ය සභාවේ වෛද්‍ය ඇන්ජලික් කොඑට්සි සඳහන් කළේ.

නව වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙන බවට පළමු වරට අනතුරු ඇඟවීමක් සිදුකරනු ලැබුවේ ද මෙම වෛද්‍යවරියයි.

ඒ ඉකුත් නොවැම්බර් මස 18 වෙනිදා ඇය හමුවට පැමිණි එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගැනීමත් සමගයි.

එම ආසාදිතයින්ගේ පවතින රෝග ලක්ෂණ අනුව සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයකින් නව වෛරස් ප්‍රභේදය හඳුනා ගෙන ඇත.

කෙසේ වුවත් “ඔමික්‍රෝන්” වෛරස් ප්‍රභේදය පළමු වරට දකුණු අප්‍රිකාවෙන් හටගත් බවට පැහැදිලි සාක්ෂියක් නොමැති බවයි වාර්තා වෙන්නේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්