නවතම පුවත්

ඔමික්‍රෝන් ලොවටම තර්ජනයක් වෙයි !

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

ආසියානු කලාපය තුළ කොවිඩ් වසංගතයේ බලපෑම අවම වෙමින් තිබෙන පසුබිමක දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගත් නව කොවිඩ් වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි .

නව ප්‍රභේදය හේතුවෙන් විශේෂයෙන් ගිණිකොනදිග ආසියානු රටවල වසංගත තත්වය ඉහළ යා හැකි බවට එම සංවිධානය අනතුරු අඟවා සිටි.

නව වෛරසයේ බලපෑම අවම කර ගැනීම සඳහා වහාම කඩිනම් පියවර ගතයුතු බවත්, විශේෂයෙන් ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමේදී වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර අනුගමනය කළයුතු බවත් වැඩිදුරටත් පවසයි

ආසියානු කලාපය තුළ එන්නත්කරණය සාර්ථකව සිදුවන බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එන්නත්කරණය තවදුරටත් පුළුල් කළයුතු බවයි.

මේ අතර දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් බ්‍රිතාන්‍යයෙන් හමු වී ඇති බව ඊයේ වාර්තා විය. මේ අතර තවත් යුරෝපා රටවල් 03 කින් ඔමික්‍රෝන් ආසාදිතයන් හමු වී තිබෙනවා. ඒ ජර්මනිය, බෙල්ජියම, ඉතාලිය යන රටවලිනි.

මොසැම්බික් රාජ්‍යයේ සිට මිලානෝ බලා පැමිණි පුද්ගලයෙකුට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ

මීට අමතරව චෙක්, නෙදර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක් ඔමික්‍රෝන් ආසාදිතයන් බවට සැක ගුවන් මගීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙ

මෙම තත්වය මත බොහෝ යුරෝපා රටවල් දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කරමින් සිටී. පළමු කොවිඩ් රැල්ලේ සිටම යුරෝපා රටවල් දැඩිලෙස බැට කෑ අතර එන්නත්වලින්ද පාලනය කළ නොහැකි ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් යුරෝපයට තවත් දැඩි බලපෑමක් වනු ඇත.

සමස්ත ලෝකය පුරාම ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා විවිධ ආරක්ෂිත පියවර අනුගමනය කරමින් සිටී. මේ අතර ඊශ්‍රායලය විසින් මේ වනවිටත් සියලු විදේශිකයන් සඳහා සිය රට වසාදමා ඇත .නව ප්‍රභේදය හඳුනා ගැනීමෙන් පසු එවැනි දැඩි පියවරක් ගත් පළමු රට වන්නේ ඊශ්‍රායලයයි. එරට අග්‍රාමාත්‍ය නෆ්ටාලි බෙනට් මහතා පවසන්නේ අවම වශයෙන් සති 02 ක කාලයක් සඳහා හෝ මෙම සීමා බලපැවැත්වෙන බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්