නවතම පුවත්

ඔලිම්පික් වසන්තය අද සිට ඇරඹේ …

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝකයේ වඩාත් ජනප්‍රියම සහ අසිරිමත්ම ක්‍රීඩා උළෙල ලෙස සැලකෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල අද (23) පස්වරුවේ  ජපානයේ ටෝකියෝ නගරයේදී  ආරම්භවීමට නියමිතය

මෙවර පැවැත්වෙන්නේ 32 නූතන ඔලිම්පික් උළෙල වන අතර මෙම ක්‍රීඩා උළෙල පසුගිය වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසරකින් කල්දැමීමට සිදු විය.

තවමත් වසංගතයේ බලපෑම ලෝකයටම බලපා ඇති පසුබිමක ඔලිම්පික් උළෙල අවලංගු කළයුතු බවට යෝජනා ඉදිරිපත් වුවද, ජපාන බළධාරීන් කෙසේ හෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට සූදානම් වූ අතර මේ දක්වා ඔවුන්ගේ උත්සාහය සාර්ථක වී තිබෙ. එසේම මෙම ක්‍රීඩා උත්සවය පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේද පූර්ණ සහයෝගය  හිමිව ඇත .

1896 වසරේදී නූතන ඔලිම්පික් උළෙල ආරම්භවීමෙන් අනතුරුව මෙලෙස කල්දැමීමට සිදුවූයේ පළමුවරට වන අතර ක්‍රීඩාලෝලීන් රහිතව තරග පැවැත්වෙන්නේද පළමුවරටය.

මෙවර ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000 කට අධික ප්‍රමාණයක් සහභාගි වන අතර මීට අමතරව නිළධාරීන්, මාධ්‍යවේදීන් 10,000 කට වැඩි ප්‍රමාණයක් ටෝකියෝ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකුගෙන් සමන්විත වන අතර පසුගිය රියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වූ නිලුක කරුණාරත්න, මැතිව් අබේසිංහ සහ චාමර ධර්මවර්ධන මෙවරද සුදුසුකම් ලබා සිටී. අද පැවැත්වෙන සමාරම්භක උළෙලේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාම චාමර ධර්මවර්ධන සහ මිල්කා ද සිල්වා විසින් සිදු කරනු ඇත.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්