නවතම පුවත්

ඩෙල්ටා ආසාදිතයන්ගේ වයිරස සාන්ද්‍රණය 1000 ගුණයකින් වැඩි බවට නවතම පර්යේෂණයක් හෙළිකරයි

අසංක

අසංක

කොරෝනා වසංගතය තුළ මුල් වයිරසය ආසාදනය වූ අයට වඩා, ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් වයිරස සාන්ද්‍රණය 1000 ගුණයකින් වැඩි බවත් වැඩි වෛරස් අංශු නිපදවන බවත් නවතම අධ්‍යයනයකින් සොයාගෙන තිබේ.

එබැවින් පෙර වයිරස ප්‍රභේදය ආසාදිතයන්ට වඩා ඩෙල්ටා ආසාදිතයන් මගින් වයිසරය පැතිරීම ඉතා පහසු වන බව චීනයේ ගුවැංඩොං හි රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පර්යේෂකයෝ කණ්ඩායමක් කරමින් පවතින පූර්ව පර්යේෂණ වාර්තාවක දැක්වේ. මෙම පර්යේෂණය තවදුරටත් පර්යේෂණ මට්ටමේ පවතින බැවින් එය සායනික අත්හදාබැලීම් දක්වා පැමිණ නැත.

එම පර්යේෂණ මූලික නිරීක්ෂණවලට අනුව ශරීරයේ වෛරස් අංශුවල ඝනත්වයේ මිනුමක් වන වෛරස් සාන්ද්‍රණය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින්ගේ මුල් කොරෝනා වෛරස් ආසාදනයට වඩා දළ වශයෙන් 1,000 ගුණයකින් වැඩි බව සොයාගෙන ඇත.

වර්තමාන ඇස්තමේන්තු වලට අනුව, ඩෙල්ටා ප්‍රභේදය COVID-19 වලට හේතු වන වෛරසය වන SARS-CoV-2 හි මුල් වික්‍රියාව මෙන් දෙගුණයක් සම්ප්‍රේෂණය කළ හැකිය.

කෙසේවෙතත් 2020 අග භාගයේදී ඉන්දියාවේදී ප්‍රථම වරට හඳුනාගත් මෙම ප්‍රභේදය දැන් ලොව පුරා වසංගතය පතුරුවන ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්ව ඇති අතර අවම වශයෙන් රටවල් 111 ක් දක්වා වත් ව්‍යාප්ත වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්