නවතම පුවත්

ඔලිම්පික් සමාරම්භක උළෙලේ සොඳුරු දසුන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විශ්වයේ අසිරිමත් ක්‍රීඩා සැණකෙලිය ලෙස හඳුන්වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ජපානයේ, ටෝකියෝ නුවරදී ඊයේ පස්වරුවේ පැවැත්වින .
මෙය 32 වැනි ඔලිම්පික් උළෙල වන අතර, එය පසුගිය වසරේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වසර දක්වා කල් දැමීමට තරගාවලි සංවිධායකයන් පියවර ගැනිණි.

ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ ක්‍රීඩා උළෙලක් කල් දමා වෙනත් වසරකදී පවත්වන පළමු අවස්ථාව මෙන්ම ජපානය, ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය ලබා දෙන දෙවැනි අවස්ථාව මෙයයි.

”මූවිං ෆෝර්වර්ඩ් හෙවත් ඉදිරියට ගමන් කිරීම” මෙවර ඔලිම්පික් උළෙලේ තේමාව වන අතර ඊයේ  පැවති සමාරම්භක උත්සවය පැවැත්වුණේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බාක් මහතාගේ ප්‍රධානත්වයෙනි.

Fireworks illuminate National Stadium during the opening ceremony [Kiichiro Sato/AP]Japan was forced to hold the Games without fans. In this photo, flag bearers Yui Susaki and Rui Hachimura of Japan lead their contingent at the opening ceremony. [Mike Blake/Reuters]

ජපානය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සමග ගලවා ගැනීමේ සේවකයෙකු ද ඔලිම්පික් ධජය රැගෙන ආ පිරිසට ඇතුළත්වීම විශේෂත්වයකි.

කොවිඩ් 19 වසංගතය ඇතුළු විවිධ ව්‍යසන හේතුවෙන් ලොවෙන් සමුගත් පිරිසට උපහාර දැක්වූයේ ඉන් අනතුරුවය.

රටවල් 207කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට අධික සංඛ්‍යාවක් මෙවර ඔලිම්පික් උළෙලට එක්වන අතර සරණාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පිරිසක් ද ඔවුන් අතර වේ.

The Tokyo Olympics opened with a ceremony reflecting a Games like no other, walking a fine line between celebrating the world's best athletes while acknowledging the pandemic. [Eugene Hoshiko/AP]

ශ්‍රී ලංකාවෙන් එක්වන කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් ඇතුළත් ය.

ඊයේ  පැවැති සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව හිමි වූයේ, ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධනට සහ ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානිටයි.

ඇයට අමතරව බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන මැතිව් අබේසිංහ සහ අනිකා ගෆූර්, ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල, අශ්වාරෝහක ක්‍රීඩිකා මැතිල්ඩා කාල්සන්, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන යුපුන් අබේකෝන් සහ නිමාලි ලියනාරච්චි ද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වේ.

 

 

The ceremony wove together references to both Japan's traditional crafts and its globally adored video games, with athletes entering to theme music from famed titles. [Fabrizio Bensch/Reuters]

The organisers sent the traditional message of peace while drones formed the shape of the Olympic emblem in the sky above the stadium and transformed into the shape of the globe. [Marko Djurica/Reuters]

 

තවත් සොදුරු දසුන් මෙතනින් 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්